මියන්මාරයේ සිට තායිලන්තය බලා කම්කරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් ගිනිගැනීමෙන් එහි ගමන්ගත් කම්කරුවන් 20 දෙනෙකු පිලිස්සී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාර - තායිලන්ත දේශ සීමාවේ මියන්මාරයේ සිට තායිලන්තයට විශාල ලෙස කම්කරුවන් සංක්‍රමණය වන බවද එම වාර්තා සඳහන් කරයි.
කම්කරුවන් රැගත් බස් රථ හතරක් එක පෙළට ගමන් කොට ඇති අතර ඉන් මෙම බස් රථය පමණක් ගිනි ඇවිලුනේ කෙසේද යන්න තවමත් අපහැදිලි බව පොලීසිය කියයි.
බස් රථය ගිනි ඇවිලී මිනිසුන් එහි සිරවී සිටින රූපවාහිනී දර්ශන එරට රූපවාහිනී සේවා මගින් විකාශනය කෙරුනු අතර මෙම බස් රථයේ 47 දෙනෙකු ගමන් කර ඇති අතර මියගිය ගණන ඉදිරියේදී වැඩිවිය හැකි බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් කියයි.
255
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd