ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරුදිග මාර්ගයක ගමන්කරමින් තිබූ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ප්‍රපාතයකට ඇදවැටීම හේතුවෙන් රථයේ ගමන් ගත් එකම පවුලේ අට දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
මව පියා ඇතුළු දරුවන් තිදෙනකුගේ සිරුරු හමුවී ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේදී රථයේ සිටි බවට සැලකෙන අනෙක් දරුවන් තිදෙනා අතුරුදන්ව ඇති බවත් පොලිසිය පවසයි.  පොලිසිය තවදුරටත් පවසන්නේ ඔවුන් ද අනතුරින් මියන්නට ඇතැයි විශ්වාස කරන බවයි.
 
 
වොෂින්ටන් වුඩ්ලන්ඩ්හි පදිංචි මොවුන් කෙටි චාරිකාවක් සඳහා නිවසින් පිටත්ව ගොස් සිටින අතරතුර මෙම අනතුර සිදුවී ඇත. 
අනතුර සිදුවූ ආකාරය සම්බන්ධවද සැක මතුවී ඇති බව  පැවසේ.
 
(බීබීසි ඇසුරිනි - 085)