ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ් පළාතේ මල්ලවපොර තරඟයක් නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් පිරිසක් අසල පුපුරාගිය බෝම්බයකින් 14දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත. හැමන්ඩ්හි අගනුවර වන ලක්ෂගාර් නගරයේ මෙම මල්ලවපොර තරඟය පැවැත්වී ඇති අතර ප්‍රේක්ෂකාගාරයෙන් පිටත ස්ථානයක පිපිරීම සිදුව තිබේ.
ප්‍රේක්ෂකයින් රැස්වි සිටි ස්ථානයේ බෝම්බය සහිත රථය නැවැත්වූ රියදුරා එතැනින් ඉවත්වූ පසු පිපිරීම සිදුව ඇති බව බලධාරීහු පවසති. තුවාල ලැබූ අය අතර කුඩා දරුවන්ද සිටින බව පැවසේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බව පොලිසිය පවසයි.
(රොයිටර් ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd