බීජිංහිදීය/සෝල්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් හමුවීමටත් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කිරීමටත් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පොරොන්දු වූ බව චීන මාධ්‍ය අද (28) වාර්තා කළේය.
ජපාන සහ දකුණු කොරියානු මාධ්‍ය උතුරු කොරියානු නායකයා විශේෂ දුම්රියකින් චීනයට පැමිණි බව වාර්තා කළේය. ඉන් පැය කිහිපයකට පසු පැමිණියේ උතුරු කොරියානු නායකයා යැයි චීන මාධ්‍ය වාර්තා කළේය.
ජපාන මාධ්‍ය උතුරු කොරියානු නායකයා පැමිණි බව වාර්තා කළේ පෙරේදා (27)ය. එදින රාත්‍රිය වනවිට පැමිණියේ උතුරු කොරියානු නායකයා බව චීන රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග ඇතුළු විශ්වාසනීය ආරංචි මාර්ග රැසක් විසින් තහවුරු කරනු ලැබ තිබිණි.
උතුරු කොරියානු නායකයා චීනයට පැමිණි බවත් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට ඔහු පොරොන්දු වූ බවත් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
වසර 2011 දී බලයට පත්වීමෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා විදෙස් සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය බව පැවසේ. චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික හමුවක් පැවැති බව ද චීන ජනාධිපතිවරයා අඛණ්ඩුව උතුරු කොරියාව සමඟ මිත්‍රත්තවයෙන් කටයුතු කරන බව පොරොන්දු වූ බව චීන මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ නමුත් උතුරු කොරියානු නායකයාගේ චීන සංචාරය නිල සංචාරයක් නොවන බව චීන මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් කොරියානු මධ්‍යම පුවත් ආයතනය උතුරු කොරියානු නායකයා කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට පොරොන්දු වූ බවක් වාර්තා කර නොතිබිණි.
චීනය උතුරු කොරියාවේ සාම්ප්‍රදායික සහ එකම මිතුරා වූ අතර දෙරට අතර මිත්‍ර සම්බන්ධය තරමක් දුරට ලෝකයට රහසක් ද විය. කෙසේ නමුත් පසුගිය කාලයේදී දෙරට අතර මිත්‍රත්තවය තරමක් දුරට පළුදු විය.
උතුරු කොරියාව චීනයටද කන් නොදෙමින් දිගින් දිගටම මිසයිල හා න්‍යෂ්ටික අත්හදා බැලීම්වල නිරත වීමත් ඊට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට පැන වූ දැඩි සම්බාධකවලට චීනය සහාය දැක්වීමත් එලෙස මිත්‍රත්වය පළුදු වීමට හේතුවිය.
055
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කරනවා’