ඊජිප්තුවේ දෙවන නගරය වන ඇලෙක්සැන්ඩ්‍රියාවේ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් දෙදෙනකු මියගොස් ඇතයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මියගිය අය අතර ආරක්ෂක අංශ සාමාජිකයකුද සිටින බවට වාර්තාවේ මියගිය අනිත් පුද්ගලයා රියදුරෙකි. මෙම ප්‍රහාරය නගරයේ ආරක්ෂක ප්‍රධානියා වන මේජර් ජෙනරාල් මොටාෂ් අල් නේමර් ඉලක්ක කොට ඔහුගේ රථපෙල ට එල්ල කර ඇතයි වාර්තාවේ.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එරට ජනාධිපතිවරණය පැවැත්වීමට දින දෙකකට ඉහත වීම විශේෂයකි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ටෝලිප් හෝටලය අසල ඇති රෂීඩ් ප්‍රදේශයේ බවට වාර්තාවේ. එසේම මෙම ප්‍රහාරයෙන් මියගිය දෙදෙනාට අමතරව තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇතයි ආරක්ෂක අංශ කියාසිටී.
එරට රාජ්‍ය රූපවාහිනී සේවය කියාසිටියේ මෙය මේජර් ජෙනරාල් වරයා ඝාතනය කිරීමට තැත්කිරීමක් බවයි. හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රෆීක් හබීබ් කියාසිටියේ මෙය අන්තවාදී කන්ඩායමක ප්‍රහාරයක් වියහැකි බවයි.
මෙම ප්‍රහාරයට කලින් සිකුරාදා එරට ජනාධිපති අබ්දුල් අල් සිසී නිතර අන්තවාදී ප්‍රහාර වලට ලක්වන සිනායි අර්ධද්වීපයේ සංචාරයක නියලුන අතර ඔහු එහි ඇති පොලිස් ස්ථාන සහ හමුදා කදවුරු වලට ගොස් ත්‍රස්තවාදය මුලුනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස හමුදාවට උපදෙස් දෙන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(255)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd