IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඊජිප්තුවේ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් දෙදෙනකු මරුට

ඊජිප්තුවේ දෙවන නගරය වන ඇලෙක්සැන්ඩ්‍රියාවේ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් දෙදෙනකු මියගොස් ඇතයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මියගිය අය අතර ආරක්ෂක අංශ සාමාජිකයකුද සිටින බවට වාර්තාවේ මියගිය අනිත් පුද්ගලයා රියදුරෙකි. මෙම ප්‍රහාරය නගරයේ ආරක්ෂක ප්‍රධානියා වන මේජර් ජෙනරාල් මොටාෂ් අල් නේමර් ඉලක්ක කොට ඔහුගේ රථපෙල ට එල්ල කර ඇතයි වාර්තාවේ.


මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එරට ජනාධිපතිවරණය පැවැත්වීමට දින දෙකකට ඉහත වීම විශේෂයකි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ටෝලිප් හෝටලය අසල ඇති රෂීඩ් ප්‍රදේශයේ බවට වාර්තාවේ. එසේම මෙම ප්‍රහාරයෙන් මියගිය දෙදෙනාට අමතරව තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇතයි ආරක්ෂක අංශ කියාසිටී.


එරට රාජ්‍ය රූපවාහිනී සේවය කියාසිටියේ මෙය මේජර් ජෙනරාල් වරයා ඝාතනය කිරීමට තැත්කිරීමක් බවයි. හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රෆීක් හබීබ් කියාසිටියේ මෙය අන්තවාදී කන්ඩායමක ප්‍රහාරයක් වියහැකි බවයි.


මෙම ප්‍රහාරයට කලින් සිකුරාදා එරට ජනාධිපති අබ්දුල් අල් සිසී නිතර අන්තවාදී ප්‍රහාර වලට ලක්වන සිනායි අර්ධද්වීපයේ සංචාරයක නියලුන අතර ඔහු එහි ඇති පොලිස් ස්ථාන සහ හමුදා කදවුරු වලට ගොස් ත්‍රස්තවාදය මුලුනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස හමුදාවට උපදෙස් දෙන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


(255)



අදහස් (0)

ඊජිප්තුවේ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් දෙදෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site