දකුණු කොරියාවේ රජයේ සේවකයන් රාජකාරියට නියමිත වේලාවෙන් පසුව කාර්යාල වල වැඩි වේලාවක් වැඩකිරීම සහ රැදීම නැවත්වීමේ උපක්‍රමයක් ලෙස එරට කාර්යාලවල සියලු පරිගණක රාත්‍රී 8 වනවිට ස්වයංක්‍රීයව අක්‍රීය වන ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
වැඩකරන වේලාවෙන් පසුව වැඩකිරීමේ සංස්කෘතිය අවසන් කිරීමේ පියවරක් ලෙස දකුණු කොරියාව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සාමාන්‍යයෙන් දකුණු කොරියානුවෙකු වසරක් තුළ පැය 2739 ක් වැඩකරන අතර මෙය වෙනත් දියුණු රටක වැඩකරන පැය ගණනට වඩා පැය 1000 ක් වැඩි පැය ප්‍රමාණයකි. මෙම වසාදැමීමේ ක්‍රියාවලිය පියවර තුනකින් ඉදිරි මාස තුන තුළ ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියාව බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මාර්තු 30 වැනි දා සිට ආරම්භ වන වැඩ සටහන සෑම සිකුරාදා දිනයකම රාත්‍රි 8.00 වැඩ අවසන් කරන අතර දෙවැනි පියවර ලෙස අප්‍රේල් 30 සිට සෑම සිකුරාදා දිනයකම රාත්‍රි 7.30 ට වැඩ අවසන් කරන අතර තුන්වැනි පියවර ලෙස මැයි 30 සිට සෑම සිකුරාදාම රාත්‍රි 7.00 ට වැඩ අවසන් කිරීමට නියමිතය.
මෙම නිවේදනය අනුව විශේෂ අවස්ථාවක හැර සියලු සේවකයන් මෙම වැඩපිළිවෙළට අයත් වේ. පසුගිය දා එරට රජය රජයේ සේවකයන්ගේ සතියක වැඩ ප්‍රමාණය පැය 68 සිට පැය 52 දක්වා අඩුකරන ලදි.
(255)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd