ශ්‍රීනගර්හිදීය (රොයිටර්)
ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් කාශ්මීරයේ සිවිල් වැසියන් තිදෙනකු මියගොස් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
සටන්කාමීන් බව කියන පිරිසකට එරෙහිව මෙහෙයුමක් දියත් කිරීමට යෑම නිසා ඇති වූ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් එලෙස ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය සහ එහි ජනතාව පැවසූහ.
මෙම ගැටුම්වලින් සටන්කාමීන් ඇතුළු තවත් 17 දෙනකු ද ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළ අතර මෙම ගැටුම් දකුණු කාශ්මීරයේ මේ වසරේ ඇති වූ ප්‍රචණ්ඩකාරීම ගැටුම් යැයි ද පැවසේ. දකුණු කාශ්මීර ප්‍රදේශයේ ගම්මානයක මෙම ගැටුම් ඇතිවිය.
දකුණු කාශ්මීරයේ ෂෝපියන් දිස්ත්‍රික්කයේ කච්දූරා ගම්මානයේ සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් ඇති වී තිබෙන අතර එය නැවැත්වීම සඳහා ගම් වැසියන් සිය ගණනක් විදීවලට පැමිණ තිබේ. එම අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ආරක්ෂක අංශ ඉන් අනතුරුව වෙඩි තබා තිබේ.
විරෝධතා අවසන් වූ පසු ආරක්ෂක අංශ මෙහෙයුම නැවැත්වූ බව ගම්වාසී කීහ. ගැටුම්වලින් සටන්කාමීන් පස් දෙනකු සහ සොල්දාදුවන් තිදෙනකු මියගිය බව පොලිසිය සඳහන් කළේය.
මුස්ලිම් බෙදුම්වාදීහු 1980 වසරේ අග භාගයේ සිට ඉන්දියාවට අයත් කාශ්මීර ප්‍රදේශයේ ඉන්දීය පාලනයට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා පවත්වති. ඉරිදා, (1) මෙම කලාපයේ තවත් ගම්මාන දෙකක ද ගැටුම් ඇති වූ බව වාර්තා විය.
නැවත ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවධානමක් ඇති බැවින් ආරක්ෂක පියවරක් ලෙස කාශ්මීරයේ පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කළ අතර ප්‍රදේශ කිහිපයක විවිධ සීමා කිරීම් පැනවීමට ද බලධාරීන් කටයුතු කර තිබිණි.
දකුණු කාශ්මීරයට ගමන් කරන දුම්රිය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව දුම්රිය බලධාරියකු කී අතර දිස්ත්‍රික්ක පහක අන්තර්ජාල සේවා අවහිර කටයුතු කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි.
055





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd