වොෂින්ටන්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල, ව්‍යාපාර සමාගම් සහ ඇමෙරිකා රජයේ ඇතැම් ආයතනවලට අනවසරයෙන් පිවිස දත්ත සහ තොරතුරු සොරාගැනීමේ චෝදනා මත ට්‍රම්ප් පරිපාලනය අද, සිකුරාදා (23) ඉරාන ජාතිකයන් නව දෙනකුට සහ ඉරාන සමාගමකට සම්බාධක පැනවීය.
ඉරානය සයිබර් ප්‍රහාර එල්ල කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ශාස්ත්‍රීය දත්ත සහ බුද්ධිමය දේපළ පිළිබඳ දත්ත ටෙරාබයිට් 31කට වැඩි ප්‍රමාණයක් සොරාගෙන ඇතැයි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපද විශ්ව විද්‍යාල 144කින් සහ රටවල් 21ක විශ්ව විද්‍යාල 176කට එලෙස සයිබර් ප්‍රහාර එල්ල වී ඇතැයි ද එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානය සාතන්ගේ අතකොළුවක්, මෙයාලා මුළු මැදපෙරදිගම අවුල් කරනවා.
එතකොට මුහුණු පොතට අයත් දත්ත සොරකම් කරලා ජනාධිපති තරගේ දිනන කොට මොකද වෙන්නේ?