සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවු ද්විත්ව කාර් බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 18 දෙනෙකු මියගොස් ඇතයි එරටින් වාර්තාවේ. මෙම පිපිරුම් දෙකම සිදුවී ඇත්තේ එරට ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයකයි.
මෙම ප්‍රහාරයේදී විශාල ශබ්දයක් ඇසී ඇති බවට වාර්තා පලවන අතර මියගිය අයට අමතරව 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇතයිද වාර්තාවේ.දැනට ලැබෙන වාර්තාවල සදහන්වන්නේ ජනාධිපති මන්දිරයට ආසන්න පසුපස ප්‍රදේශයක සහ හෝටලයක් අසල මෙම බෝම්බ පුපුරා ගොස් ඇති බවයි.
.මෙම ප්‍රහාරයේ වගකීම අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන ඇත. සෝමාලියානු රජය විසින් මෙම සිද්ධියට දිනකට පෙර මොගඩිෂු නගරයට බෝම්බ අවදානම් නිවේදනයක් නිකුත්කොට තිබුනි.
මොගඩිෂු නගරය නිතර බෝම්බ ප්‍රහාර වලට ලක්වන අතර මෙම සිද්ධිය සිදුවූයේ මාස ගනනාවක නිහැඩියාවකින් පසුවයි.පසුගිය දෙසැම්බර් මාසයේ එහි සිදුවු බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 18 දෙනෙකු මියගිය අතර එහි වගකීමද අල් ෂබාබ් සංවිධානය බාරගෙන තිබුනි. එසේම පසුගිය වසරේ සිදුවු එවැනිම ප්‍රහාරයකින් 512 දෙනෙකු මියගිය අතර එය එරට සිදුවු දරුණුතම ප්‍රහාරය වේ.

- 222
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ද්විත්ව කාර් බෝම්බ ප්‍රහාරයකින් මොගඩිෂුහි 18 ක් මරුට