ඩූමාහිදීය (ඒ.එෆ්.පී)
ඉකුත් ඉරිදා (18) සිරියාවේ නැගෙනහිර ගූථා ප්‍රදේශයට එල්ල වන ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ඇතැයි වාර්තා වේ.
රුසියානු සහ සිරියානු ගුවන් හමුදා ඉරිදා සිට අඛණ්ඩව මෙම ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරන අතර මෙම ප්‍රදේශය සිරියානු කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින අවසන් ප්‍රදේශය යැයි ද පැවසේ. ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පිරිස 2,200 ඉක්මවා ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
අටවැනි වසරටත් දිග්ගැස්සෙමින් තිබෙන සිරියානු සිවිල් යුද්ධයේ මිලේච්ඡතම අවස්ථාවක් ලෙස මෙම සිදුවීම් දාමය හඳුන්වා දී තිබෙන අතර නැගෙනිර ගූථා ප්‍රදේශයේ සිදුවන සටන් නවතා සිවිල් වැසියන්ට ආහාර, වෛද්‍ය ප්‍රතිකාර යනාදිය ලබාදීමට ඉඩකඩ සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන ඉල්ලා සිටිය ද කිසිදු පාර්ශවයකින් ඊට යහපත් පිළිතුරක් නොලැබිණි.
නැගෙනහිර ගූථා හි ඇති වී තිබෙන තත්ත්වය ඊයේ (22) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡාවට ගැනුණු අතර දින 30ක සටන් විරාමයක් කැඳවන්නැයි යෝජනාවක් ඉදිරිපත් විය. කෙසේ නමුත් එම යෝජනාව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව රුසියාව ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අද, සිකුරාදා (23) පැවත්වීමට නියමිතය.
055

2025 නොවැම්බර් මස 04
734
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවේ ගුවන් ප්‍රහාර වලින් 400ක් මරුට