ජිම්නාස්ටික් ක්‍රීඩා වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ ඇමරිකානු ජාතික ලැරී නසාර් ලිංගික අපයෝජනයට ලක්කළ සංඛ්‍යාව 265ක් ලෙස වාර්තා වී ඇතැයි සිද්ධිය සම්බන්ද නඩුව විභාග කරන මිචිගන් විනිසුරුවරයා පවසා සිටියි.
මෙම පුද්ගලයා කාන්තාවන් 160කට අධික සංඛ්‍යාවකට අඩත්තේට්ටම් කළ බවට චෝදනා ඔප්පු වූ හෙයින් පසුගිය සතියේ අවුරුදු 175ක් දක්වා සිර දඬුවම් නියම කරනු ලැබිණි.
ඔලිම්පික් රන් පදක්කම්ලාභී තරුණියන් දෙදෙනකු ද ඔහුගේ ගොදුරු බවට පත්වී ඇතැයි වාර්තා විය. මේ අතර අවුරුදු 13, 15 හා16 වයස්වල දැරියන් ද සිටින බව පැවසේ.
මිචිගන්හි ජිම්නාස්ටික් සමාජ ශාලාවක දී මෙහු මෙම ලිංගික අපයෝජනයන් සිදු කළ බවට ඔප්පු වී ඇත.
ලැරීගෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පැමිණි මිචිගන් ප්‍රාන්ත සරසවියේ ශීෂාවන් පිරිසක් ද මේ අතර සිටින බව පැවසෙන අතර සිද්ධිය වාර්තා වූ පසු සරසවියේ අධ්‍යක්ෂකවරයා හා ප්‍රධාන ක්‍රීඩා නිලධාරීන් ඉල්ලා අස්විය.
ඇමරිකානු ඔලිම්පික් කමිටුව පවසා ඇත්තේ ජිමිනාස්ටික් ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලය ද ඉල්ලා අස්විය යුතු බවයි.
(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාන්තාවන් 265 ක් ලිංගික අපයෝජනය කළ ක්‍රීඩා වෛද්‍යවරයෙක්