බ්‍රසල්ස්හිදීය (රොයිටර්)
ඉරානය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානය බැලස්ටික් මිසයිල සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව නොසලකා හරිමින් කටයුතු කරන්නේ යැයි ප්‍රංශ විදේශ ඇමතිවරයා චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ අදාළ යෝජනාවට අනුව ඉරානය න්‍යෂ්ටික යුදශීර්ෂ රැගෙන යා හැකි බැලස්ටික් මිසයිල නිර්මාණය කිරීමෙන් වැළකි සිටිය යුතුය. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති යුරෝපා විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකදී ප්‍රංශ විදේශ අමාත්‍ය ජෝන් යීව් ලී ඩ්‍රියෝන් ඒ බව පැවසීය.
මෙහිදි යුරෝපා සංගමයේ අනෙකුත් විදේශ අමාත්‍යවරුන් 28 දෙනා ද ඉරානයේ කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වූහ. යේමනය, ලෙබනනය සහ සිරියාවේ කටයුතුවලට ඉරානයේ මැදිහත් වීම සම්බන්ධයෙන් ඔවුහු අදහස් දැක්වූහ.
ඉරානය යේමනය, ලෙබනනය සහ සිරියාව යන රටවල් අස්ථාවර කිරීමට උත්සාහ කරන බවට ද ප්‍රංශ විදේශ අමාත්‍යවරයා චෝදනා කළේය.
“ඉරනාය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2231 යෝජනාවට අනුකූලව කටයුතු කළ යුතුයි. ඉරානය එසේ කිරීමට අවධාරණය කිරීමට අපට අවස්ථාවක් තිබෙනවා” යැයි ප්‍රංශ විදේශ අමාත්‍යවරයා කීය.
ඉරාන්‍ය න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තබන ලද්දේත් එක්සත් ජාතීන්ගේ එම යෝජනාවට අනුවය. බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් 2015 වසරේදී ඉරානය සමඟ ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට’ අත්සන් තබන ලදි. අදාළ යෝජනාවට සහ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අනුව ඉරනාය වසර 8ක් යනතෙක් න්‍යෂ්ටික ආයුධ රැගෙන යා හැකි බැලස්ටික් මිසයිල නිෂ්පාදනය හෝ නිර්මාණය කිරීමෙන් වැළකී සිටිය යුතුය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd