IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමරිකාවේ පාසලකට වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙක් මරුට


ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ උසස් පාසලක සිදුවූ විවෘත වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනකු මියගොස් 17දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
බෙන්ටන් නගරයේ මාෂල් කන්ට්‍රි උසස් පාසලේ සිදුව ඇති මෙම අනතුරින් 15හැවිරිදි දැරියක් එම ස්ථානයේම මියගිය බවත් තවත් 15 හැවිරිදි පිරිමි දරුවකු රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවත් කෙන්ටකි ආණ්ඩුකාරවරයා පවසයි. 
 
පොලිසිය පවසන්නේ වෙඩිතැබීම සිදු කලේයැයි සැකපිට 15 හැවිරිදි පිරිමි දරුවකු අත්අඩංගුවට ගත් බවයි. 
 
සැකකරු විනාඩි 15ක පමණ කාලයක් පාසලේ විවෘත ස්ථායක වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඒ සඳහා පිස්තෝලයක් භාවිතා කර ඇති බවත් වාර්තා වී ඇත. සැකකරු තම අනන්‍යතාවය හෙළිකර නැතැයි පොලිසිය පවසයි. 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (3)

ඇමරිකාවේ පාසලකට වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙක් මරුට

Perakum Wednesday, 24 January 2018 09:02 AM

මෙවැනි සිද්ධීන්ට අනවශ්‍ය ප්‍රචාරයක් දීම සුදුසු යයි නොසිතමි. ගිනි අවි නිදහස ඇති රටක්ලෙස ඇමෙරිකාවේ පවතින ගිනි අවි සංස්කෘතිය අප රටේ තරුණ පරපුර උන්මාදයක් කොට නොගත යුතුය. ඒ සඳහා සියලු ජන මාධ්‍ය විශේෂ අවධානයකින් ක්‍රියා කල යුතුය.

:       0       138

AsankaThursday, 25 January 2018 11:15 AM

උන්මාදයක් කරගන්නේ කොහොමද ලංකාවේ ගිනි අවි ලෙහෙසියෙන් ගන්න බැහැනේ අවසර ලැබෙන්නේ ඉතාමත් සීමිත පිරිසකට පමණයි. අක්කර විශාල ගණනක ගොවිපලක් හිමි මට බැරිවුණා වගා ආරක්ෂාවට ෂොට් ගන් එකක් ලබාගන්න. ඇමරිකාවෙත් ටෙක්සාස් මුලිකව ප්‍රාන්ත කිහිපයක පමණයි ගිනි අවි බලපත් අවසර ලැබෙන්නේ.

:       10       2

PerakumFriday, 26 January 2018 05:38 AM

නීත්‍යානුකුලව ගිනි අවි ලබාගන්න අමාරු බව ඇත්ත. ඔබට ෂොට් ගන් එකක් නෙවෙයි ටී 56ක් උනත් ගන්න පුළුවන් අද රටේ. සල්ලි විතරයි ඕන. එවැනි ගිනි අවි යොදාගෙන කරන දරුණු අපරාධ ගැන නිතර මාධ්‍ය වලින් දැනගන්න ලැබෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site