කාබුල්හිදීය (ඒ.එෆ්.පී)
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ‘ඉන්කොන්ටිනෙන්ටල්’ හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් පස් දෙනකු මියගොස් අට දෙනෙක් තුවාල ලැබූහ. 
කාබුල් නුවර පිහිටි ‘ඉන්කොන්ටිනෙන්ටල්’ හෝටලයට කඩා වැදුණු තුවක්කරුවෝ හෝටලයේ නැවති සිටි පිරිස ප්‍රාණ ඇපයට ගත්හ. ඇෆ්ගන් ආරක්ෂක අංශ සහ තුවක්කරුකරුවන් සහ පැය 12කට ආසන්න කාලයක් වෙඩි හුවමාරු විය. 
ප්‍රාණ ඇපයට ගෙන සියයට 100කට ආසන්න පිරිසක් මුදා හැරි බවත් පස් දෙනකු මිය ගොස් ඇති බවත් ඇෆ්ගන් බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය. 
තුවක්කුකරුවන් හෝටලයට කඩා වැදුණේ සෙනසුරාදා (20) රාත්‍රියේදීය. අද (21) උදෑසනත් එක් තුවක්කරුවකු එහි සිටින බව ද වාර්තා විය. ඇෆ්ගන් ආරක්ෂා අංශ ඔහු අල්ලා ගෙන හෝටලය සම්පූර්ණයෙන්ම නිදහස් කරගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් දියත් කර තිබේ. 
සෙනසුරාදා රාත්‍රියේ හෝටලයට කඩා වැදුණු තුවක්කුකරුවන් සිව්දෙනෙක් එහි සිටි විදේශිකයන්, අමුත්තන් ඇතුළු පිරිස ඉලක්ක කරගනිමින් හෝටලයේ නැවති සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගත්හ. 
අද (21) ඉරිදා උදෑසන වනතෙක් කිසිවකුත් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන නොතිබිණි.
ආරක්ෂක අංශ හා තුවක්කු-රුවන් අතර ඇති වූ ගැටුම්වලින් තුවක්කුරුවන් තිදෙනකු මියගිය බවත් 150කට වැඩි පිරිසක් මුදාගත් බවත් තවත් වාර්තාවක දැක්විණි. මුදාගත් පිරිස් අතර විදේශිකයෝ 41 දෙනෙක් ද වූහ. 

055