IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නවසීලන්ත අගමැතිනියට අලුත් වගකීමක්

වෙලින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
 
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් අද (19) හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් තමා ගැබිනියක බවත් ලබන ජූනි මාසයේදී දරු ප්‍රසූතිය අපේක්ෂා කරන බවත් නිවේදනය කළාය. 
 
 
මේ අනුව අගමැතිනිය ධුරය දරන අතරවාරයේදී දරුවකට උපත ලබාදෙන ප්‍රථම නවසීලන්ත අගමැතිනිය බවට පත්වීමට ඇය සමත්වනු ඇත.
තිස්හත්වන වියේ පසුවන ජසින්ඞ් ආඞ්න් අගමැතිධුරයට පත්වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය. 
 
 
ගැබ්ගැනීම තමා අපේක්ෂා කළ දෙයක් නොවූවත් ඒ බව දැනගැනීමෙන් පසු තමාත් තමාගේ සහකරු ක්ලාක් ගයිෆෝඞ් ඉමහත් සතුටටත් පුදුමයටත් පත්වූ බව මාධ්‍යවේදීන් හමුවේ කීවාය. 
 
 
“අප දෙදෙනාම ඉතාමත් සතුටට පත්වෙලා ඉන්නේ. අපට පවුලක් අවශ්‍යයි” යැයි ද ඇය පැවසුවාය. නවසීලන්ත අගමැතිනිය අනුහස් සහිත නායිකාවක යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. ඇය පසුගිය වසරේදී සුවිශේෂී ජනප්‍රියත්වයක් හිමිකරගත්තාය. 
 
 
නවසීලන්තයේ මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂයේ නායකත්වය පැමිණ වසරක් ගතවෙන්නට පෙර සැලකිය යුතු ජනප්‍රියත්වයක් හිමිකරගත්තාය. මැතිවරණයේදී පසුගිය වරට වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ඇගේ ජනප්‍රියත්වය කම්කරු පක්ෂයට සහාය විය. ඇය දැනට ලොව සිටින ළාබලතම රාජ්‍ය නායිකාව ද වන්නීය. 
 
 
“අපි හිතුවේ 2017 වසර සුවිශේෂී වසරක් කියලා” යැයි සඳහන් කරමින් නවසීලන්ත අගමැතිනිය ට්විටර් පණිවිඩයක් පළ කර තිබිණි. 
“මේ අවුරුද්දේ අපිත් මාපියන් ගොඩට එක්වෙනවා. මම අගමැති වගේම මවක්. ක්ලාක් පියෙක්” යැයි ද සඳහන් කළාය. 
දරු ප්‍රසූතියෙන් පසු තමන් සති හයකට ආසන්න කාලයක විවේකයක් ගන්නා බවත් එම කාලයේදී නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් ධුරයේ කටයුතු කරගෙන යනු ඇතැයි ද ඇය මාධ්‍ය හමුවේදී පැවසුවාය. 
 
 
මීට පෙර 1990 වසරේදී අගමැතිධුරය දරන අතරවාරයේදී පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ දියණියකට උපත දුන්නාය. රාජකීය පවුල් හැරෙන්නට රාජ්‍ය නායිකාව ධුරයේ කටයුතු කරන සමයේදීම දරුවකට උපත ලබාදුන් පළමු අවස්ථාව එය යැයි එකල මාධ්‍ය වාර්තා කර තිබිණි. 
 
 
ලොව වටා සමාජජාල ගිණුම් රැසක් ඇයට සහාය දක්වමින් සහ සුබපැතුම් එක්කරමින් ඡායාරූප සහ අදහස් පළ කර තිබිණි. නවසීලන්තයේ දේශපාලනඥයන් මෙන්ම අසල්වැසි ඕස්ටේ්‍රලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු තවත් රාජ්‍ය නායකයන් රැසක් ද ඇයට සුබපැතුම් එක් කර තිබිණි. 
 
 
055



අදහස් (1)

නවසීලන්ත අගමැතිනියට අලුත් වගකීමක්

amila Saturday, 20 January 2018 04:00 AM

මගෙනුත් එයට සුබ පැතුම්!!!!!!!!!!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site