ප්‍රංශයේ දකුණු දිග කාර්කස් විල ආසන්නයේදි හමුදා හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් පස්දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. හෙලිකොප්ටරයේ ගමන්ගත් තවත් එක් පුද්ගලයෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
මෙම හෙලිකොප්ටර් යානා දෙක ගුවන් හම්දා පාසලකට අයත් බවත් හමුදාවට ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදා ගන්නා ඒවා බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
අනතුරට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd