ඇෆ්ගනිස්ථානයේ අගනුවර කාබුල්හි හමුදා මුරපොළකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමෙන් හමුදා සෙබලුන් 11දෙනකු මියගොස් 15දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. කාබුල් නුවර මාශල් ෆාහිම් ආරක්ෂක විද්‍යාපීඨය ආසන්නයේ පිහිටි මුරපොළක මෙය සිදුවී ඇත.
ඇතිවූ ගැටුම් වලින් ත්‍රස්වාදින් හතර දෙනකු ද මියගොස් ඇති අතර අයිඑස් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත. මියගිය අයගෙන් දෙදෙනකු මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා පැමිණි ත්‍රස්තවාදීන් බව බලධාරීහු පවසති.
මෙය සතියක් ඇතුලත සිදුවූ හතර වන ප්‍රහාරය වන අතර ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ මෙම මාසය තුල අයිඑස් හා තලේබාන් ප්‍රහාර වලින් ඉතා විශාල පිරිසක් මියගිය බවයි.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd