කොංගෝ සමූහාණ්ඩුවේ පැවැත්වුණු විරෝධතා වලින් පස්දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර අවුරුදු 16ක ගැහැණු දරුවකු ද සිටින බව පැවසේ.
අගනුවර කන්සාසාහි සහ තවත් නගර කිහිපයක මෙසේ විරෝධතා පැවැත්වී ඇති අතර ජනපති ජෝසප් කබිලාට විරුද්ධව මොවුන් විරෝධතාවයේ යෙදී ඇත.
වසරකට පෙර ධූර කාලය අවසන් වුවද තවමත් බලයේ රැඳී සිටින ජනපතිවරයා ඉවත්ව යායුතු බව විරෝධතාකරුවෝ පවසති.
කන්සාසා නගරයේ අන්තර්ජාල පහසුකම් ද කපාහැර තිබෙන අතර පොලිසිය පවසන්නේ රජයේ විධානයන්ට විරුද්ධව ක්‍රියාකාරකම් නොඉවසන බවයි.
මීට සති කිහිපයකට පෙර පැවැත්වුණු විරෝධතා වලින් ද කිහිප දෙනෙක් මියගිය බව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව පවසයි.
2001 වර්ෂයේ බලයට පත්වූ ජනපති කබිලාගේ ධූර කාලය 2016වර්ෂයේ අවසන් වූ නමුත් ඔහු එය තවත් වසරකට දික් කරගනු ලැබීය.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd