සෝල්හිදීය (ඒ.එෆ්.පී)
ලබන මස පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේ කටයුතුවලට සම්බන්ධ වීම සඳහා උතුරු කොරියානු දූත පිරිසක් දකුණු කොරියාවට පැමිණ තිබේ.
ශීත ඍතු ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා පැවත්වෙන ක්‍රීඩාංගන ස්ථාන නිරීක්ෂණය කිරීම සහ සංස්කෘතික අංග සඳහා සූදානම්වීම සඳහා උතුරු කොරියානු නියෝජිත පිරිස එලෙස දකුණු කොරියාවට පැමිණියහ. උතුරු කොරියානු දූත පිරිසක් මෙලෙස දකුණු කොරියාවට පැමිණියේ සිව්වසරකට පසුය.
දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර මෙලෙස යහපත් සබඳතාවලට මුල පිරුණේ උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් කළ ප්‍රකාශයත් සමඟය. ඉන් අනතුරුව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවත්විණි. එම සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව දෙපාර්ශ්වයම නිවේදනය කළේය.
එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශීත ඍතු ඔලිම්පික් උළෙල සමාරම්භක උත්සවයේදී උතුරු හා දකුණු කොරියාව, සුදු පසුබිමක කොරියානු අර්ධද්වීපය ළා නිල් පැහයෙන් දැක්වෙන ‘එක්සත් ධජය’ යටතේ ආචාර පෙළපාලියේ ගමන් කිරීමට නියමිතය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙහෙම එකට එකතුවෙලා තමා ප්‍රශ්න විසදා ගන්න ඕනේ මේක අප කාටත් හොඳ ආදර්ශයක්.