පියොංචෑංහි පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා උතුරු කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායම දකුණු කොරියාවට සම්ප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මොවුන් දකුණු කොරියානු කණ්ඩායම හා ඒකාබද්ධව තරඟ වදින අතර මෙම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනකු නිල නියෝජිත පිරිසත් සමග දේශසීමාව හරහා දකුණට පැමිණි බව වාර්තා වේ.
කණ්ඩායම් දෙකේ පුහුණුවීම් ඉදිරි දිනවල ආරම්භ වීමට නියමිතව ඇත.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල ප්‍රතිපත්ති හමුවේ ක්‍රීඩා උළෙල සඳහා දෙරට සහයෝගයෙන් ක්‍රියා කිරීම ගොඩනැගෙමින් තිබූ ජාත්‍යන්තර පීඩනය හා සම්බාධක ලිහිල් කිරීමට හේතුවනු ඇතැයි විචාරකයෝ පවසති.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක බලවතුන් යැයි කියා ගන්න අය විසින් දෙකඩ කරන ලද කොරියාවේ උතුරේ සහ දකුණේ ඉන්නෙ එකම පවුල් වල ලේ නෑයෝ තමයි.
හොඳ ප්‍රවනතාවයක්.