මාස අටක් වයසැති කුඩා දැරිවියක් ඇගේ ඥාති සහෝදරයෙකු දූෂණය කර ඇති බව ඉන්දියාවේ දිල්ලි නගරයෙන් වාර්තා වේ. පසුගිය ඉරිදා රෝහල් ගත කරනු ලැබූ දැරිය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලිසිය පවසයි.
වෛද්‍යවරු පවසන්නේ ඇයට පැය තුනක සැත්කමක් සිදුකල බවයි. සිද්ධිය සම්බන්දව විසි අට හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දියාව පුරා මේ සම්බන්දව දැඩි කතා බහක් ඇතිවී තිබෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.
2016 වර්ෂයේ ඉන්දියාවේ වාර්තා වී ඇති ළමා දූෂණය කිරීම් ප්‍රමාණය 19765ක් වන අතර අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර විවාහ වන ඉන්දියානු දැරියන් සංඛ්‍යාව මිලියන 240ක් බව වාර්තා වී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නෑ. ඉන්දියාවේ කාම චිත්‍ර පටි දැන් වැඩියි. චිත්‍රපට හදලා මිනිස්සුන්ගේ කාමාශාව වැඩි කරාම රටේ කාම අපරාධ වෙනවත් වැඩියි. හේතු එල දහම කියන්නේ මේකටයි.
දිලිනි කියන විදිහට යුරෝපා රටවල මේ තත්වය වැඩිවිය යුතුයි ගැහැණු දරුවෙක් ඉපදෙන් නැති වෙන්නම.මේ ප්‍රශ්නය ආසියා රටවල වැඩි නිවැරදි ලිංගික දැනුමක් නැති කමයි.ලිංගිකත්වය මහා රහස් ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු විෂයක් විදිහට හැදින්විමයි මේ ප්‍රශ්ණ වලට මුල.
ලිංගික දැනුමක් නැතිකම සහ හිර කල සංස්කෘතියේ ප්‍රතිඵල
අසාද්, ඔබට වැරදිලා. බටහිර රටවල මිනිස්සුන්ට ලිංගික ආසාවල් හිර කරගෙන ඉන්න ඕනි කියල නැහැ. ආරක්‍ෂිත සෞඛ්‍යනුකුල ගණිකා නිවාස තියෙනවා. ඒ මිනිස්සු ඒවාට යනවා මිසක් පොඩි ළමයිට හිරිහැර කරන්නේ නැති එකයි සිද්දවෙන්නේ.
අන්තර්ජාලය, මුහුණුපොත භාවිතය නරක පැත්තට ගියාම ඔහොම තමා
මාස 8 කිරි දරුවාගෙන් මොන දෙයක් ලබන්නද. මේ වගේ මිනිසුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ
චන්දිම, මේක විකෘති කාම ආශාවක්. ගණිකා නිවාස තිබ්බ කියල මේව නැති වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට සේයා දැරිය මරා දමලා තමයි දූෂණය කලේ. ඒ මිනිහගෙ විකෘති ආශාව මලමිනී සමග සංසර්ගයේ යෙදෙන්න. මේ වගේ අයව මානසික රෝහලට දාන්න තමයි වෙන්නෙ ප්‍රථිකාර කරන්න.
මෙවැනි දේවල් කලාතුරකින් සිදුවනු ඇත එසේම සිදුවී ඇත. ප්‍රසිද්ධය අනුව දැන් පමණක් සිදුවන බවක් පෙනීයයි.