බමාකෝහිදීය (ඒ.එෆ්.පී)
මාලි ජනරජයේ මධ්‍යම මාලි හි බිම්බෝම්බයකට හසු වීමෙන් කාන්තාවන් හා කුඩා දරුවන් ඇතුළු 24 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මව්වරුන් සහ කුඩා දරුවන් සහිත වාහනයක් බිම්බෝම්බයක් මතින් ගමන් කිරීමත්, සමඟ බිම්බෝම්බය පුපුරා ගොස් තිබේ. එම පිපිරීමෙන් රථයේ සිටි මව්වරුන් සහ බිළිඳන් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම මරණත් සමඟ මාලි හි ක්‍රියාත්මක ජිහාද් සංවිධාන එල්ල කරන ලද ප්‍රහාරවලින් ඉකුත් පැය 24ක් ඇතුළත මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බිම්බෝම්බය ජිහාද් සටන්කාමීන් විසින් සඟවන ලද්දක් බව වාර්තා විය. බිම්බෝම්බය සඟවා තිබී ඇත්තේ මාලි අගනුවර සිට කිලෝමීටර් 9ක් දුරින් පිහිටි මාර්ගයකය. ජිහාද් සටන්වාදීන් සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ බියවැද්දීමට ජනාකීර්ණ ප්‍රදේශවල, මහාමාර්ග බිම්බෝම්බ සඟවන බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.
වසර 2012 දී අල්කයිඩා සංවිධානයට අයත් ඉස්ලාමීය අන්තවාදීන් විසින් මාලි අගනුවර උතුරු කොටස අල්ලා ගත් අතර 2013 වසරේදී ප්‍රංශ හමුදාවල සහයෝගයෙන් දියත් කළ මෙහෙයුමෙන් අන්තවාදීන් පන්නා දැමීමට මාලි හමුදා සමත්විය. මාලි රජය 2015 වසරේදී සන්නද්ධ කණ්ඩායම් සමඟ සාම ගිවිසුමකට අත්සන් තැබුවද සන්නද්ධ කැරැලිකාර කණ්ඩායම් තවමත් ක්‍රියාත්මකය. රටේ විශාල කොටසක් තවමත් නෛතික පාලනයකින් තොරය.
055
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාලි රජ්‍යයේ කාන්තාවන් හා දරුවන් 24 ක් බිම්බෝම්බයකට බිලි