වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව සහ ෆෙඩරල් විමර්ශන ඒකකය (එෆ්.බී.අයි) දේශපාලනීකරණය වී ඇතැයි එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා චෝදනා කරයි.
ඩිමොක්‍රටික් පක්ෂයේ අවශ්‍යතාව පරිදි එෆ්.බී.අයි ආයතනය පරීක්ෂණ මෙහෙයවන බවත් එම ආයතනය මෙන්ම අධිකරණ දෙපාර්තමේන්තුව පක්ෂපාතීව කටයුතු කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.
ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඇමෙරිකාවේ නීතිය ක්‍රියාත්මක කරන ඉහළම ආයතනයක් වන එෆ්.බී.අයී ආයතනය හා ජනපතිවරයා අතර මතභේදාත්මක අවස්ථා කිහිපයක්ම ඇති වූ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා නිරන්තරයෙන් එෆ්.බී.අයි ආයතනයේ ක්‍රියාකලාපය විවේචනය කළේය.
ඇමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ ද එෆ්.බී.අයි ආයතනයයි.
“එෆ්.බී.අයි ආයතනයේ විමර්ශකයන් සහ එහි ඉහළ පෙළේ නායකයන් මෙන්ම අධිකරණ දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වෙලා. ඔවුන් විමර්ශන කටයුතු කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ වුවමනා එපාකම්වලට අනුවයි. ඔවුන් රිපබ්ලිකන් පක්ෂයට එරෙහිව කටයුතු කරනවා” යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා චෝදනා කරයි.
055
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එෆ්බීඅයි ගැන ඇමෙරිකානු ජනපතිගෙන් චෝදනාවක්