වොෂින්ටන්හිදීය (රොයිටර්)
රජයේ කටයුතු නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකාවේ සෙනට් සභාව අද (21) කැඳවන බව, සෙනට් සභාවේ රිපබ්ලිකන් පක්ෂ නායක මිච් මැකොනෙල් පැවසීය.
ලබන 16 වැනිදා දක්වා රජයේ කටයුතු සඳහා මුදල් වෙන් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් සම්මත නොවීම හේතුවෙන් සිකුරාදා (19) රාත්‍රියේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය සේවා රැසක් අකර්මන්‍ය විය. පනත් කෙටුම්පත සම්මත නොවීම හේතුවෙන් රාජ්‍ය සේවා සඳහා වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන නතර කර දැමිණි.
“අපි හැකි ඉක්මනින් රාජ්‍ය සේවා සහ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් යථා තත්ත්වයට පත් කරනවා. ඒ වෙනුවෙන් කොතරම් කාලයක් ගිය ද රාජ්‍ය සේවා කඩිනමින් යථා තත්ත්වය පත් කරනවා. ඇමෙරිකානු ජනතාවට මා දෙයක් කිව යුතුයි. අපි ඉක්මනින් මේ අර්බුදය විසඳනවා” යැයි මැකොනෙල් පැවසීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd