IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘පද්මාවත්’ මැලේසියාවේ තහනම් කරයි.

ඒ.එෆ්.පී
 
හින්දු ජාතිකවාදීන්ගේ විරෝධය මධ්‍යයේ ජනවාරි 25 වැනිදා තිරගත වීම ආරම්භ කරන ලද ‘පද්මාවත්’ චිත්‍රපටය මැලේසියාවේ තහනම් කර තිබේ.
 
ඉස්ලාම් දහම වැරැදි ආකාරයෙන් නිරූපණය වන බව ප්‍රකාශ කරමින් චිත්‍රපටය තිරගත කිරීමට තහනම් කිරීමට මැලේසියානු රජය පියවර ගෙන තිබේ. 
‘චිත්‍රපටයේ සුල්තාන්වරයාගේ (මුස්ලිම් රජුගේ) චරිතයෙන් ඉස්ලාම් දහම පිළිබඳ වැරැදි අර්ථකථනයක් සමාජ ගත වෙනවා’ යැයි චිත්‍රපටය තිරගත කිරීමට හේතු දක්වමින් මැලේසියාවේ ජාතික චිත්‍රපට මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 
  
මැලේසියාවේ මිලියන 32ක් වන ජනගහනයෙන් සියයට 60කට වැඩි පිරිසක් මුස්ලිම් ජාතිකයෝ වෙති. ආගමික සංවේදිතාව සලකා බලමින් මැලේසියානු රජය මීට පෙර හොලිවුඞ් චිත්‍රපට දෙකක් වන ‘නෝහ්’ සහ ‘ද පැෂන්  ඔෆ් ද ක්‍රයිස්ට’ යන චිත්‍රපට දෙක තිරගත කිරීම තහනම් කරන ලදි. 
 
සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ කෝපකරවන හෝ විරෝධය දක්වන විදේශීය කලාකරුවන් එරට සංචාරය කිරීම ඔවුන්ගේ ප්‍රසංග පැවත්වීම නවතා දැමීමට ද මැලේසියානු රජය මීට පෙර අවස්ථා කිහිපයකදීම කටයුතු කර තිබේ. 
 
055  



අදහස් (0)

‘පද්මාවත්’ මැලේසියාවේ තහනම් කරයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site