උතුරු දිග යුරෝපය හරහා හමාගිය දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් ගිණිනිවන සේවකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් අටදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ ජර්මනියේ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වී සිටි සේවකයන් දෙදෙනෙකි.
 
පැයට කිලෝමීටර් 140ක වේගයෙන් හමාගිය සුළි සුළඟින් නෙදර්ලන්තයට හා ජර්මනියට බරපතල හානි සිදුවී ඇති බවත් සුළි සුළඟ මේ වනවිට පෝලන්තය හරහා හමායමින් පවතින බවත් පැවසේ.
 
ගුවන් හා දුම්රිය ගමන් වාර අවලංගු කර ඇති අතර යුරෝපයේ කාර්යබහුලම ගුවන්තොටුපල ලෙස සැලකෙන ඇම්ස්ටර්ඩෑම්හි ෂිෆෝල් ගුවන්තොටුපලේ ගොඩනැගිල්ලක වහලක් ගැලවී ගොස් ඇතැයි වාර්තා වේ.
 
(බීබීසී ඇසුරිණි - 085)