ලෙබනනයේ සිරියා කඳවුරක් ගිනි ගනි ලෙබනනයේ නැගෙනහිර ප්‍රදේශයේ ක්වැබ් එලියාස් නගරය ආසන්නයේ පිහිටි සිරියානු සරණාගත කඳවුරක ඇතිවූ ගිනිගැනීමක් හේතුවෙන් කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ගින්නෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලබා ඇත. 03 July 2017
වතිකානු මූල්‍ය පාලකවරයාට අපහරණ චෝදනා වතිකානු කතෝලික දෙව්මැඳුරේ තෙවැනි ඉහළතම තනතුර දරන ජෝර්ජ් පෙල් කාදිනල්වරයාට ලිංගික අපහරණ චෝදනා එල්ල වී තිබේ. 29 June 2017
සයිබර් ප්‍රහාරයකින් රටවල් 60කට බලපෑම් සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලොව පුරා රටවල් 60ක පමණ සමාගම් රැසක පරිගණක පද්ධති අඩපණ වී ඇතැයි වාර්තා වේ. 29 June 2017
හෙලිකොප්ටරයෙන් අධිකරණයට බෝම්බ දැමීම ත්‍රස්ත ප්‍රහාරයක් හෙලිකොප්ටරයක් වෙනිසියුලානු ශ්‍රේෂ්ඨාධිකරණයට බෝම්බ දැමීමට උත්සහ කළ බවත් එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වන බවත් එරට ජනාධිපති නිකොලාස් මදුරෝ ප්‍රකාශ කරයි. 28 June 2017
ලෝකයේ සමාගම් කිහිපයකට සයිබර් ප්‍රහාරයක් ඉතා දරුණු ගණයේ සයිබර් ප්‍රහාරයක් තම ආයතන වලට එල්ල වී ඇති බව ලොව පුරා ආයතන ගණනාවක් පවසයි. 28 June 2017
සිරියාවේ අන්තවාදී කඳවුරකට ගුවන් ප්‍රහාර - 60 ක් මරුට සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ මයාදීන් නගරයේ ඉස්ලාම් අන්තවාදීන් විසින් පවත්වාගෙන යන සිරකඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් 60 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 28 June 2017
ගූගල් සමාගමට යුරෝපයෙන් දඩයක් සාධාරණ ලෙස ව්‍යාපාර කිරීමට අදාළ රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ගූගල් සමාගමට එක්සත් ජනපද ඩොලර් බිලියන 2.7ක දඩයක් පැනවීමට යුරෝපා සංගමයේ අදාළ අංශ කටයුතු කර තිබේ. 27 June 2017
‘තවත් රසායනික ප්‍රහාරයකට සිරියාව සුදානම්‘ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ හමුදාව තවත් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙතැයි ධවල මන්දිරය ප්‍රකාශ කරයි. 27 June 2017
ට්‍රම්ප් නිකුත් කළ සංචාරක තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට ජයග්‍රහණයක් අත්පත් කරදෙමින් මුස්ලිම් රටවල් හයක සංචාරකයන්ට පැනවූ සංචාරක තහනම සහ සියලු සරණාගතයන්ට ඇමෙරිකාවෙන් පිටවන්නැයි සඳහන් කරමින් දුන් විධායක නියෝගය නැවත ක්‍රියාත්මක කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ. 27 June 2017
කාෙලොම්බියා මගී බෝට්ටුවක් ගිලී 7 ක් මරුට කොළොම්බියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ග්වාටබේ නගරයේ ගංගාවක මගී බෝට්ටුවක් ගිලීයාමෙන් හය දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරට පත් වූ 133 දෙනකු බේරා ගත් බවත් අතුරුදන් වූ 16 දෙනකු සොයා මෙහෙයුම් දියත් කර ඇති බවත් බලධාරීහු පවසති. 26 June 2017
ඉන්ධන ලොරියක් පෙරළී 100ක් මරුට පකිස්ථානයේ බහවල්පූර් නගරයේදි ඉන්ධන ප්‍රවාහන ලොරි රථයක් පුපුරාගොස් ගිනිගැනීම නිසා පුද්ගලයින් 100ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 25 June 2017
එංගලන්ත පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අනෙකුත් විද්‍යුත් ලිපින ගිණුම්වලට පිවිසීමට නොහැකිව ඇතැයි ද වාර්තා වේ. 25 June 2017
රටවල් 4 කින් කටාරයට කොන්දේසි අල් ජසීරා පුවත් සේවය වසා දැමීම සහ ඉරානය සමඟ තිබෙන සබඳතා අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 13කට එකඟ වන්නේ නම් කටාර් රාජ්‍ය සමඟ නැවත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන බව සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ප්‍රකාශ කර ඇත. 24 June 2017
චීනයේ ගල් කන්දක් නාය යාමෙන් 140 ක් වැළලෙති චීනයේ නිරිතදිග ප්‍රදේශයේ සිචොන්ග් පළාතේ සිදුවූ නායයෑමකින් 140 කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. කන්ද නාය යෑම නිසා පහලින් පිහිටි ගඟේ කිලෝමීටර් දෙකක පමණ ප්‍රමාණයක් අවහිර වී ඇති බවත් සින්මෝ ගම්මානයේ නිවාස 46 ක පමණ සිටි වැසියන් 141 දෙනෙක් සහමුලින්ම ගල්කුට්ටි යට ගිළී ගොස් ඇති බව අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි. 24 June 2017
ග්‍රෙන්ෆෙල් ගින්න ශීතකරණයකින් ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ පසුගියදා ඇතිවූ ගින්න ආරම්භ වී ඇත්තේ එහි නිවසක තිබූ ශීතකරණයකින් බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි. 24 June 2017
කැනඩා ස්නයිපර්කරුගේ අයිඑස් ඉලක්කය සාර්ථකයි කැනේඩියානු විශේෂ බලකායේ සිටි ස්නයිපර් තුවක්කුකරුවකු සැතපුම් 2.1 (මීටර 3,540) දුරක සිටි අයි.එස් සටන්කාමීයකුට වෙඩි තබා ඇතැයි ඉරාකයෙන් වාර්තා වේ. 23 June 2017
ඇෆ්ගනිස්තානයේ කාර් බෝම්බයකින් 20ක් මරුට ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් පළාතේ ලක්ෂාර් ගාහ් හී බැංකුවක් අසල පුපුරා ගිය කාර් බෝම්බයකින් 20දෙනකු මියගොස් 50 දෙනෙක් තුවාල ලැබූහ. 22 June 2017
අයි.එස්. ත්රස්තවාදීහු අල් නූරි මහ පල්ලිය වනසති අයි.එස් සංවිධානය ඉරාකයේ මොසුල් නුවර අල් නූරි හි පිහිටි මහ පල්ලිය විනාශ කර ඇතැයි එරට හමුදාව ප්‍රකාශ කරයි. 22 June 2017
සිරියාවේ රකා නුවර අලුත් අර්බුදයක් අයි.එස් සටන්කාමීන් පරාජයට පත්කිරීමෙන් අනතුරුව සිරියාවේ රකා නුවර නව අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් හටගෙන තිබේ. 22 June 2017
බ්‍රසල්ස් දුම්රිය ස්ථානයක පිපිරීමක් බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට පැමිණි බවට සැක සහිත පුද්ගලයකු ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේ කුඩා පිපිරීමක් සිදු වූ බවත් කිසිවකුටත් හානි නොවූ බවත් බලධාරීහු පවසති. 21 June 2017
උතුරු කොරියාවෙන් නිදහස ලැබූ ඇමෙරිකානු සිසුවා මිය යයි මාස 17කට ආසන්න කාලයක් උතුරු කොරියානු සිර අඩස්සියේ සිට නිදහස ලැබූ ඇමෙරිකානු සරසවි සිසු ඔටෝ වොම්බියර් ජීවිතක්ෂයට පත්ව තිබේ. 20 June 2017
ගිනි අවි නිසා වසරකට ඇමෙරිකාවේ දරුවන් 1300ක් මරු තුරුලට වසරකට ගිනි අවිවලින් සිදුවන අනතුරු හේතුවෙන් වසරකදී ඇමරිකානු දරුවන් 1300ක් පමණ මියයන බවත් දරුවන් 5 800ක් පමණ තුවාල ලබන බවත් ඇමරිකානු රාජ්‍ය ආයතනයක් විසින් සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. 20 June 2017
පැරීසියේ ලස්සනම මාවතට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ප්‍රංශයේ පැරිස් නුවර ‘ෂොම් සෙඑළිෂේ’ මාවතේ නවතා තිබූ පොලිස් වෑන් රියක් වෙත ගෑස් කැනිස්ටර් පිර වූ මෝටර් රථයක් කඩා වැදීමෙන් එහි සිටි රියදුරු මියගියේය. 20 June 2017
ලොව පුරා ගැටුම් නිසා මිලියන 65කට නිවාස අහිමි වෙලා සිරියාව සහ දකුණු සුඩානය ඇතුළු ලොව පුරා තිබෙන දරුණු ගැටුම් හේතුවෙන් 2016 වසරේ අවසානය වනවිට මිලියන 65.6කට තම නිවාස අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (19) නිවේදනය කළේය. 19 June 2017
ඒකාබද්ධ ප්‍රහාරයෙන් සිරියා හමුදා යානයක් කඩා වැටෙයි ඇමෙරිකා ප්රමුඛ ඒකාබද්ධ හමුදාවට අයත් යානයක් එල්ල කළ ප්‍රහාරයකින් සිරියානු හමුදාවට අයත් යානයක් කඩා වැටුණු බව වාර්තා විය. 19 June 2017
බ්‍රිතාන්‍යයේ මුස්ලිම් පල්ලියකට වෑන්රියක් කඩාවැදීමෙන් අයෙක් මරුට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පල්ලියක සිටි ඉස්ලාමීය බැතිමතුන් පිරිසක් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් බ්‍රිතාන්‍ය වේලාවෙන් අද (19) අළුයම එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ. 19 June 2017
පෘතුගාල ලැව් ගින්නෙන් 62ක් මරුට මධ්‍යම පෘතුගාලයේ ඇති වූ ලැව්ගිනිවලින් 62 දෙනකු මියගිය බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා ගින්න ඇති වූ වනාන්තර ආසන්නයේ මාර්ගවල ගමන් කරමින් සිටි පිරිස් බවත් බලධාරීහූ ප්‍රකාශ කළහ. 18 June 2017
ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට ප්‍රහාරයක් නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට අද (18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පහකින් පස් දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වෙයි. 18 June 2017
ලන්ඩන් ගින්නෙන් 58ක් අතුරුදන් දැනට ලැබී ඇති තොරතුරු අනුව බටහිර ලන්ඩනයේ උතුරු ග්රැන්ෆෙල් ටවර් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් පසු 58 දෙනකු අතුරුදන් වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.ඔවුන් මිය යන්නට ඇතැයි ද පොලිසිය අනුමාන කරයි. 18 June 2017
රුසියාවට සහ ඉරානයට ඇමෙරිකාවෙන් සම්බාධක රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා ඇමෙරිකා සෙනට් සභාව නව යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාවට දැනට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට පෙර යෝජනාව සම්මත කරගැනීමට සෙනට් සභාව කටයුතු කර ඇතැයි වාර්තා විය. 16 June 2017
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026