පේරු රාජ්‍යයේ අද(14) උදෑසන අැති වූ රිච්ටර් මාපාංක 7.1ක ප්‍රභල භූමිකම්පාවක් හේතුවෙන් දෙදෙනකු මියගොස් 65දෙනකු තුවාල ලබා අැතැයි වාර්තා වේ. කම්පනයේ කම්පන කේන්ද්‍රය අකාරි නගරයට කිලෝමීටර් 40ක් දුරින් හා කිලෝමීටර් 36ක් ගැඹුරින් පැසිෆික් සාගරෙය් පිහිටා තිබූ බව අැමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසයි.
පේරුහි නිරිත දිග වෙරළාසන්න කලාපයට බරපතල හානි සිදුව අැති අතර ගොඩනැගිලි, පාලම් හා මාර්ග කඩාවැටී අැතැයි බලධාරීහු පවසති.
සුනාමියක් අැති වේයැයි මුලින් සැක පල කළද සුනාමි රළක් අැති නොවූ බව මාධ්‍ය වාර්තා කර අැත.
(රොයිටර් අැසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd