ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පසුගිය දින කිහිපයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර හා නායයෑම් ඇතිවී 13 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූ 163 දෙනකු රෝහල් ගත කළ බව බලධෘරීහු පවසති.
නිවාස බොහොමයකට හානි සිදුවි ඇති අතර සමහර ගෙඩනැගිලි බිමට සමතලා වී ඇති බව පැවසේ.
මහාමාර්ග මඩ වලින් වැසී ඇති අතර කොටුවී සිටින පිරිස් බේරා ගැනීම අසීරු කාර්යයක් වි ඇති බව සහන සේවකයෝ පවසති. අතුරුදන් වූ අය සොයා මෙහෙයුම් දියත් කර ඇති බැවින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බව ද ඔවුහු පවසති.
පසුගිය මාසයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් බොහෝ පිරිස් නිවාස වලින් ඉවත් කරනු ලැබූ අතර මහත් ව්‍යසනයක් සිදුවිය.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd