ෂියෑන්හිදීය (රොයිටර්)
චීනයේ ‘එක් මාවතක් එක් මාර්ගයක්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනය සහ යුරෝපය එක්ව කටයුතු කළ යුතු යැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසයි.
චීනයේ නූතන සේද මාවත ව්‍යාපෘතිය ඒක පාර්ශවීය ක්‍රියාන්විතයක් නොවිය යුතු යැයි ද එරට සංචාරයක නිරත වෙමින් ප්‍රංශ ජනාධිපතිවරයා එම කරුණු කීවේය.
“ඉපැරණි සේද මාවත්වල සිටියේ චීන වැසියන් පමණක් නෙවෙයි” යැයි චීනයේ ෂියෑන් හි ව්‍යාපාරික, විද්වත් සහ ශිෂ්‍ය ප්‍රජාවක් අමතමින් ප්‍රංශ ජනාධිපතිවරයා පැවැසීය.
ෂාන්ෂි පළාතේ ෂියෑන්හිදි එම හමුව පැවැත්විණි. ෂියෑන් යනු ඉපැරණි සේද මාවතේ නැගෙනහිර පිටවුමයි.
“තේරුම් අනුව මේ මාර්ග බෙදාහදා ගත යුතුයි. ඒවා මාර්ග නම් ඒක පිරිසකට පමණක් අයිති නොවිය යුතු” යැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා කීය.
චීනයේ නව සේද මාවත, එක් මාවතක් එක් මාර්ගයක් ‘වන් බෙල්ට් වන් රෝඩ්’ ව්‍යාපෘතිය ප්‍රකාශයට පත් කරන ලද්දේ 2013 වසරේදීය.
මෙම නව සේද මාවත ඔස්සේ අග්නිදිග ආසියාව, පාකිස්තානය, මධ්‍යම ආසියාව මෙන්ම මැදපෙරදිග, යුරෝපය සහ අප්‍රිකාව එකිනෙකට සම්බන්ධ වෙයි. නව සේද මාවත ගොඩබිම් සහ සාගර සේද මාවත යනුවෙන් කොටස් දෙකකින් සමන්විතය.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd