ඉන්දියාවේ මුම්බායි නගරයට එපිටින් මුහුදු තීරයේ බෝට්ටුවක් ගිලීයෑමෙන් අතුරුදන් වූ දරුවන් සොයා මෙහෙයුම් සිදුකරන බව වාර්තා වේ. අනතුරටපත් වූ බෝට්ටුවේ පාසැල් දරුවන් 40දෙනකු ගමන් කර ඇති බවද එයින් තිස්දෙදෙනකු බේරාගෙන ඇති බවද වෙරළ ආරක්ෂක සේවය පවසයි.
පොලිසිය පවසන්නේ දරුවන් දෙදෙනකුගේ සිරුරු හමුවූ බවයි.
අතුරුදන්ව සිටින දරුවන් හයදෙනා සෙවීම සඳහා යාත්‍රා කිහිපයක් පිටත් කර යවා ඇත.
බොට්ටුවේ ගමන්කලහැකි ප්‍රමාණයට වඩා වැඩිපුර පටවා ඇති බවද දරුවන් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිටි බවද මූලික පරීක්ෂණ වලින් හෙළිවූ බව පොලිසිය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd