IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරින් මියගිය ගණන 18ක් දක්වා ඉහලට

දකුණු අප්‍රිකාවේ සිදු වූ දුම්රිය අනතුරින් මියගිය ගණන 18ක් දක්වාත් තුවාල ලැබූ සංඛ්‍යාව 254ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. පෝට් එළිසබෙත් සිට ජොහැන්නර්ස්බර්ග් වෙත ගමන් කරමින් තිබූ දුම්රියක් මෙලෙස අනතුරට ලක්වූ අතර දුම්රිය පෙට්ටි කිහිපයකටම දැඩි ලෙස හානි විය. 
 
දුම්රිය අනතුරත් සමඟ දුම්රිය පෙට්ටි කිහිපයක් ගිනිගෙන තිබෙන අතර බොහෝ පිරිසක් පිළිස්සුම් තුවාල ලැබූහ. අනතුර සිදු වූ සැණින් සහන සේවකයන් එම ස්ථානයට පැමිණියහ. අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථ රියදුරකට චෝදනා එල්ල වී තිබෙන අතර පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි දකුණු අප්‍රිකාවේ ප්‍රවාහන අමාත්‍ය ජෝ මස්වන්ගනී වාර්තාකරුවන් හමුවේ පැවැසීය. 
 
අනතුර සිදුවන අවස්ථාවේදී බීමතින් සිටියේද යන අනාවරණය කරගැනීම සඳහා චෝදනා එල්ල වී තිබෙන ට්‍රක් රියදුරා වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ බව ද දකුණු අප්‍රිකා පොලිසිය ප්‍රකාශ කළේය.
 
අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ මගීන් 429 දෙනකු සිට ඇතැයි පැවසේ.
දකුණු අප්‍රිකාවේ දුම්රිය ආරක්ෂක නියාමන දත්ත වාර්තාවලට අනුව 2016 සහ 2017 දෙවසරක කාලයේදී දුම්රිය අනතුරවලින් මියගිය ගණන 495කි. 
 
055



අදහස් (0)

දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරින් මියගිය ගණන 18ක් දක්වා ඉහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site