IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලොව මිල අධිකතම නිවස සෞදියේ ඔටුන්න හිමි කුමරුට

සුනිල් ආනන්ද පැරිසියේ සිට

ලෝකයේ වඩාත්ම මිල අධිකම පෞද්ගලික නිවාසය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වූ වර්තමාන සෞදි රාජ්‍ය පාලනයේ දෙවැනියා වන මොහොමඩ් බින් සල්මාන් කුමාරයා විසින් පසුගියදා ප‍්‍රංශයේ අග නගරය පැරීසියට නුදුරු ඉව්ලින් ප‍්‍රදේශයේ ලූව්සිඑන් ග‍්‍රාමයෙන් යුරෝ මිලියන 275 ක් හෙවත් ඩොලර් මිලියන 300 කට මිලදී ගත්තේ ය.

ප‍්‍රංශයේ පිහිටි කොජෙමැඩ් නම් අධි සුපෝඛභෝගී මන්දිර ඉදිකර අලෙවි කරන සමාගම විසින් ඉදිකර ඇති මෙය ලෝකයේ දැනට වඩාත්ම මිල අධිකම නිවස ලෙස හදුන්වයි.

පැරීසියට නුදුරින් පිහිටි විදේශීය සංචාරකයන් නැරඹීමට අමතක නොකරන ලෝක ප‍්‍රසිද්ධ 16 වැනි ලූවී රජතුමාගේ වර්සයිල් මාලිගාවේ ආකෘතියට සමාන ලෙස සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පය භාවිතයෙන් නිම කළ මෙම මන්දිරය හෙක්ටයාර් 23ක් විශාල උද්‍යානයක් බඳු භූමියක පිහිටා ඇත්තේය.

නවීන තාක්ෂණයෙන් යුත් සුව පහසු සිනමා ශාලාවක්, දැවැන්ත මින් මැදුරක්, පිහිනුම් තටාක, මිල අධික පෞරාණික ලාම්පු ආවරණ, කිරි ගරුඬ පිළිම, රත්තරන් ආලේපිත වර්ණවත් කුළුණු, අතින් පින්තාරු කළ වටිනා බිතු සිතුවම්, පාලනය කළ හැකි වතුර මල් හා වෙනත් බොහෝ නිර්මාණ වලින් සමන්විත මෙම නිවසේ විශාලත්වය වර්ග මීටර 5000කි.  14 වැනි ලූවී රජුගේ නමින් මෙම මන්දිරය නම් කර ඇත්තේය.

2011 වසරේ සිට ඉදිකිරීම් ආරම්භ කළ මෙම මන්දිරය වසර 2017 දෙසැම්බර් මස හිමිකරුට භාර දෙන තුරු රහසක් ලෙස පැවැතුණ ද පසුගියදා ප‍්‍රංශ මාධ්‍ය විසින් ගැනුම්කරු ගැන තොරතුරු හෙළි කළේය. මෙම මන්දිරයේ හිමිකරු සවුදි අරාබියේ ඊළඟ ඔටුන්න හිමි සල්මාන් කුමාරයාගේ දුෂණය පිටු දැකීමේ නව ප‍්‍රතිපත්ති මත සවුදියේ කුමාරවරු හා උසස් රාජ්‍ය නිලධාරීන් 33ක් අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබා ඇත.

ඔවුන් අතර පැරීසියේ අධි සුපෝඛභෝගි හෝටල් කිහිපයක් හා පැරිස් ඩිස්නිලන්තයේ වැඩි කොටස් හිමි ලොව ධන කුවේරයකු වන සවුදියේ අල් වලීඩ් කුමරුද ඉහත අත්අඩංගුවට පත් වූවන් අතර සිටියි. ඒ අතරම 2018 වසරේ ජනවාරි ආරම්භයේදීම තවත් කුමාරවරු 11 දෙනෙක් අත් අඩංගුවට ගත් බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඒ අතරතුර මෙවැනි මිල අධික මන්දිරයක් මිලදී ගැනීම ගැන ප‍්‍රංශ මාධ්‍ය තුළ කෙරෙන විවේචන වල අඩුවක්ද නැත. එසේ නමුදු සල්මන් කුමරා මිලදී ගත් මන්දිරයේ ආරක්ෂාවට විශාල ආරක්ෂකයෝ පිරිසක්ද යොදවා ඇත.

මිල අධික නිවෙස හේතුවෙන් පිටත සිට එය නැරඹීමට මහජනයාද උනන්දුවක් දක්වන බව මේ වන විට එය නැරඹීමට පැමිණි පිරිසට සාපේක්ෂකව තීරණය කළ හැකිය.

 

 



අදහස් (1)

ලොව මිල අධිකතම නිවස සෞදියේ ඔටුන්න හිමි කුමරුට

Sathyayaa Wednesday, 10 January 2018 08:57 AM

අරාබියේ ඔටුවෝ අපේ රටවල කුමාරවරුන්ටත් වඩා සැප විඳිති

:       30       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site