ලොව පස්වැනි විශාලතම දියමන්තිය යැයි සැලකිය හැකි දියමන්තියක් ලෙසතෝ රාජ්‍යයේ පතලකින් සොයාගනු ලැබ තිබේ.
මෙම දියමන්තියේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 40ක් ලෙස දැනටමත් ඇස්තමේන්තු කර තිබෙන අතර සොයාගනු ලැබ තිබෙන මෙම දියමන්තිය ඉතාම ඉහළ ගුණාත්මක භාවයකින් සමන්විත යැයි ද පැවසේ.
මෙම දියමන්තිය යූරෝ මිලියන 33ක් එසෙත් නැතිනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 40කට ආසන්න යැයි පතල් විශ්ලේෂකයකු වන බෙන් ඞ්විස් පවසයි.
“කෙසේ නමුත් මෙම ඉතාම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු මෙම දියමන්තිය මෙතෙක් හමු වූ විශාලතම දියමන්තියයි.
මෙය ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘ජෙම් ඩයමන්ඞ්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ක්ලිෆර්ඞ් එල්ෆික් පැවසීය. ජෙම් ඩයමන්ඞ්ස් සමාගමට අයත් ලෙට්ස්එන්ජ් පතලේ කැණීම් කටයුතුවලදී මෙම දියමන්තිය සොයාගැනීමට සමත්ව තිබේ.
055
ඒ.එෆ්.පී


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි තරම් වටිනා දියමන්ති ලැබුණත් මේ රටවල් වල මිනිස්සු තවමත් අන්ත දුක් විඳිනවා. මේ සම්පත් කොල්ලකන්නේ නූතන අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම්.... ධනවාදයේ කෲරතම මුහුණුවර අධිරාජ්‍යවාදයයි. මේ සම්පත් ජනසතු කරන සමාජවාදී පාලනයක් බිහිවුණු දවසක මේ රටවල මිනිසුන් සුර සැප විඳීවි...
සමාජවාදී පාලනයක් ලංකාවේ බිහිවෙන්නේ නෑ සපුමල්.