ලන්ඩන්හිදීය (රොයිටර්)
ලබන මාසයට යෙදී තිබූ බ්‍රිතාන්‍ය සංචාරය අවලංගු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර තේම්ස් නදිය ආසන්නයේ ඉදි කරන ලද නව ඇමෙරිකා තානාපති කාර්යාලය විවෘත කිරීමට ද එම සංචාරයේදී නියමිතව තිබූ අතර ඇමෙරිකා ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරමින් සංචාරය අවලංගු කර තිබේ.
කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපතිවරයා විරෝධතා හේතුවෙන් බ්‍රිතාන්‍ය සංචාරය අවලංගු කළ බව ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.
ලන්ඩන් නුවර ඉදි කරන ලද නව තානාපති ගොඩනැගිල්ල විවෘත කිරීම බැරැක් ඔබාමා ජනාධිපතිවරයාගේ ක්‍රියාව අනුමත කිරීමක් යැයි ද ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවැසීය.
ඔහු එහිදි හිටපු ජනාධිපතිවරයාට චෝදනා ද කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය සංචාරය අවලංගු කිරීම දෙරට අතර සබඳතාවලට එල්ල වූ අතුල් පහරක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපතිධුරයට පත්ව මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබුණ ද තවමත් ඔහු බ්‍රිතාන්‍යයේ සංචාරය කර නැත.
බ්‍රිතාන්‍යය යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම මිත්‍ර පාර්ශවයයි. ලන්ඩනයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන යෑමට පියවර ගැනුණේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සමයේදීය. කෙසේ නමුත් තානාපති කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන යන බව නිවේදනයේ කරන ලද්දේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ සමයේදීය.
බ්‍රිතාන්‍යය ජාතිකයෝ හේතු රැසක් පාදක කරගනිමින් අවස්ථා කිහිපයකදීම ඇමෙරිකා ජනාධිපතිවරයාට විරුද්ධව ලන්ඩන් සහ එරට නගර කිහිපයකදීම විරෝධතා පැවැත්වූහ.
055
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1753
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් ලන්ඩන් යන්න බෑ කියයි