ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජල්ලිකට්ටු නමින් ප්‍රසිද්ධ ගොන් පොර ක්‍රීඩාව නරඹමින් සිටි පස් දෙනකු ගොනුන්ගේ පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි වාර්තා වේ.
සතුන්ට දරුණු ලෙස හිංසා කරමින් පවත්වන මෙම ක්‍රීඩාව 2014 වර්ෂයේදී ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කෙරිණි. එහෙත් ගොන්පොර ක්‍රීඩාවට අවසර ඉල්ලා තමිල්නාඩුවේ පැවැත්වුණු උද්ඝෝෂණ හේතුවෙන් 2017 වර්ෂයේදී ඉන්දීය රජයට මෙම තහනම ඉවත් කරගැනීමට සිදුවිය.
ජනවාරි මාසයේ පැවැත්වෙන මෙම ක්‍රීඩාවේදී මේ වනවිට ප්‍රේක්ෂකයන් 60දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
(බීබිසී ඇසුරිනි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානුවන්ගෙන් භාගයක් විතර මේ ගොන්නුන්ටත් අන්තයි. මට බය ලංකාවත් එ් තත්වයට වැටෙයිදෝ කියායය. මොකද දැන් ලක්ෂණ පහල වෙමින් පවතිනවා. මතකද දඹුල්ලේ ටීම් එකට ගල් ගැහුවා.
අපේ පාර්ලිමේන්තුවේ ගොන් පොරය මතක් වෙනවා මෙම චායාරූප දුටුවහම.
පහක් මදි පහළොවක් විතර මැරෙන්න ඕන ...