කසකස්ථානයේ වයඹ දිග ප්‍රාදේශීය මාර්ගයක ගමන් ගනිමින් තිබූ බස් රථයක් ගිනි ගැනීමෙන් උස්බෙක් ජාතිකයන් 52දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙය රුසියාවේ ඉදිකිරීම් වැඩබිම්වල සේවය කරන උස්බෙක් කම්කරුවන් ප්‍රවාහනයට යොදාගන්නා මාර්ගයක් බවත් අනතුරින් දිවි බේරාගැනීමට හැකිවී ඇත්තේ පස්දෙනකුට පමණක් බවත් බලධාරීහු පවසති.
බස්රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ඇති අතර එහි සැකිල්ල පමණක් ඉතිරි වී ඇත.
හෙලිකොප්ටර් යානයක් සහ සහන සේවකයින් අනතුර සිදු වූ ස්ථානයට යවා ඇති බවත් සිද්ධිය සම්බන්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් කසකස්ථාන සමූහාණ්ඩුවේ අභ්‍යන්තරකටයුතු අමාත්‍යාංශය පවසයි.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd