IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මියන්මාර් උද්ඝෝෂණයකට වෙඩි - හතක් මරුට

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ විරෝධතාවයේ යෙදුන බෞද්ධාගමිකයන් පිරිසකට පොලිසිය විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාර වලින් හත්දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
විරෝධතාකරුවන් පොලිසිය වෙත ගල්, මුල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පළමුව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බවත් පසුව වෙඩි ප්‍රහාර එල්ල කල බවත් බලධාරීහු පවසති. 
 
පුරාණ අරකන් ප්‍රාන්තයේ බිඳවැටීම සිහිපත් කිරීමේ වාර්ෂික උත්සවය තහනම් කිරීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයට රඛයින් බෞද්ධයන් 4000ක් පමණ ම්රවුක් උ නගරයට රැස්ව සිටි බව පැවසේ. 
 
මියන්මාරයේ වාර්ගික කණ්ඩායම් රාශියක් ජීවත් වන අතර සමහර කණ්ඩායම් රජයට විරුද්ධව යුධවැදී සිටිති.
 
පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේ රඛයින් ප්‍රාන්තයේ රෝහින්ග්‍යා මුස්ලිම් කැරළිකරුවන් විසින් ආරක්ෂක අංශ වෙත එල්ල කල ප්‍රහාර වලින් පසු දැවැන්ත හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක විය. එයින් පසු රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් 650000කට අධික පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පලා ගියහ. මොවුන් නැවත මියන්මාරයට ගෙන්වාගැනීම සම්බන්දව බංගලාදේශය සමග එකඟත්වයකට පැමිණි දිනයේම මෙම විරෝධතාවය ද පැවැත්විණ.
 
මුස්ලිම්වරුන් වරුන්ට එරෙහිව සිදුකල හමුදා මෙහෙයුමට බෞද්ධ කණ්ඩායම් වල සහාය ලැබුණු බව පැවසෙන අතර ඔවුන් නැවත බාරනොගන්නා බවට බෞද්ධ ප්‍රජා නායකයන් දැඩි තීරණයක සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
( බීබීසි ඇසුරිණි - 085)



අදහස් (0)

මියන්මාර් උද්ඝෝෂණයකට වෙඩි - හතක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site