(සීඑන්එන් පුවත් ඇසුරිනි - 085)
චීනයේ නැගෙනහිර මුහුදු තීරයේදී තෙල් නැවක් හා භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් තෙල් නැවෙහි සිටි නාවිකයන් 32ක් අතුරුදන්ව ඇතැයි චීන රජය පවසයි.
අතුරුදන්වූවන්ගෙන් 30දෙනක් ඉරාන ජාතිකයන් වන අතර දෙදෙනක් බංගලාදේශ ජාතිකයන් වේ.
යොන්ට්සේ ගංගා මුවදොරට නාවුක සැතපුම් 160ක් දුරින් අනතුර සිදුවී ඇත. මෙම අනතුරින් සාංචි නම් පැනමාවේ ලියාපදිංචි තෙල් නැව ගිනිගෙන ඇති අතර ඒ වනවිට නැවේ තෙල් ටොන් 136000ක් පටවා තිබූ බව පැවසේ.
නැව දකුණු කොරියාවේ සිට ඉරානය දක්වා ගමන් කරමින් තිබී ඇත. සාංචි නැවේ ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි 21දෙනකුගෙන් යුත් චීන ජාතික කාර්ය මණ්ඩලය බේරාගත් බව චීන බලධාරීහු පවසති.
නාවික යාත්‍රා අටක් සහ ගුවන් යානා යොදාගෙන සෝදිසි මෙහෙයුම් දියත් කැර ඇති බවද ඔවුහු පවසති.
නැව තවමත් ගිනිගන්නා බව මාධ්‍ය වාර්තා කර ඇත.

2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1753
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන මුහුදු තීරයේ අනතුරට පත් නැවේ 32ක් අතුරුදන්