තායිලන්තයේ දකුණු දිග ෆි ෆි ලි දූපත ආසන්නයේ සංචාරකයන් රැගත් අධිවේගී බෝට්ටුවක් ගිලී යෑමෙන් 16දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
මෙහි සංචාරකයන් 31ක් ගමන් කර ඇති බවද ඔවුන්ගෙන් 27දෙනකු චීන ජාතිකයන් බවද පොලිසිය පවසයි. බෝට්ටුවේ කාර්ය මණ්ඩලයේ දෙදෙනකුද තුවාල ලැබූ අය අතර වන බව පැවසේ.
 
ෆුකට් දූපතේ සිට ෆි  ෆි ලි  වෙත ගමන් ගන්නා අතරතුර අනතුර සිදුවී ඇත.
 
බෝට්ටුව ගිනිගෙන පුපුරා ඇති අතර පොලිසිය පවසන්නේ මේ සම්බන්ද පරීක්ෂණ ආරම්භ කැර ඇති බවයි.
 
(රොයිටර් ඇසුරිණි - 085)