ඉන්දුනීසියාවේ ජකර්තා නුවර විනිමය හුවමාරු මධ්‍යස්ථානයක ප්‍රවේශ ශාලාව කඩා වැටීමෙන් 72දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූ අයගෙන් වැඩි දෙනා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් බවත් කොන්ක්‍රීට් තට්ටු හා සුන්බුන් කඩාවැටීම හේතුවෙන් තුවාල සිදුවී ඇති බවත් බලධාරීහු පවසති.
1990 වර්ෂයේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ලේ ලෝක බැංකුව ඇතුළු තවත් බොහෝ කාර්යාල පිහිටා ඇත.ගොඩනැගිල්ලේ සහ අවට ජනතාව ඉවත් කල බවත් සිද්ධිය සම්බන්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd