සිරියානු සාම සාකච්ඡාවල නව සාකච්ඡා වටයක් ලබන සතියේදී පැවත්වෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.ඔස්ට්‍රියාවේ වියානා හිදි ලබන 25 සහ 26 දෙදින එම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඉන් දින කිහිපයකට පසු 29 සහ 30 දෙදින, වසර හතක් මුළුල්ලේ පවතින සිරියානු සිවිල් යුද්ධයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින් සමුළුවක් පැවත්වීමට රුසියාව කටයුතු යොදා තිබේ.
සියලු පාර්ශව වල සහභාගීත්වයෙන් නව සාම සාකච්ඡා වටය සාර්ථකව පැවත්වීමට හැකිවනු ඇතැයි සිරියාව වෙනුවෙන් පත් කර තිබෙන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ස්ටෙෆාන් මිස්ථුරා පැවැසීය.
වසර හතකට ආසන්න කාලයක් මුළුල්ලේ පවතින සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් ජීවිත අහිමි වූ ගණන 340,000 ඉක්මවා තිබේ. තවත් මිලියන ගණන් සිරියාව අත්හැර අසල්වැසි රටවලටත් යුරෝපයටත් පලාගොස් ඇත.
ඒ.ෆ්.පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd