ඉරාකයේ බැග්ඩෑඩ් නගර මධ්‍යයේ ටයරන් චතුරස්‍රයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 25 දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක අංශ පවසන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු ප්‍රහාරයට පැමිණ ඇති බවයි. ඔවුන් දෙදෙනාම බෝම්බ පුපුරුවාගෙන මියගොස් ඇති බවද පැවසේ.

ඉරාකයේ ඉස්ලාම් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුව තිබූ බොහෝ ප්‍රදේශ පසුගිය මාසය වනවිට රජයේ හමුදා විසින් අත්පත් කරගත්ත ද ත්‍රස්තවාදී කණ්ඩායම් නිතරම මෙවැනි ප්‍රහාර එල්ලකරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

(රොයිටර් ඇසුරිණි - 085)