තම දරුවන් 13දෙනා ශාරීරික පීඩාවන්ට ලක්කරමින්  නිවසේ සිරකර තබාගෙන සිටි  යුවලක් අත්අඩංගුවට ගත් බව කැලිෆෝනියානු ප්‍රාන්ත පොලිසිය පවසයි. සමහර දරුවන් ඇඳන් වලට තබා දම්වැල් හා ඉබි යතුරු දමා තිබුනු බවද අඳුරු අපවිත්‍ර පරිසරයක  රඳවා සිටි බවද පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී ඇත. 
 
මෙම දරුවන් වයස අවුරුදු දෙකේ සිට අවුරුදු 29දක්වා වයස් වල පසුවේ. දෙමාපියන්ගේ ග්‍රහණයෙන් මිදී පැමිණි 17වියැති දැරියක් බලධාරීන්ට තොරතුරු අණාවරනය කිරීමෙන් පසු පොලිසිය පැමිණ මෙම දරුවන් බේරාගෙන ඇත. 
 
දරුවන් මන්ද පෝෂණයෙන් පෙළුණු බවද කිලිටි ඇඳුම් හැඳ සිටි බවද පොලිසිය පවසයි.
 
මෙම දරුවන් කෙතරම් කාලයක් මෙසේ රඳවාගෙන සිටියේ ද යන්න හෝ එයට හේතුව හෝ කිසිවකු නොදන්නා බව ද මාධ්‍ය වාර්තා කර ඇත. කිසිවකුට සැක නොඉපදෙන ආකාරයෙන් නිවසේ පිටත පෙනුම සකස්කර තිබී ඇති අතර පවුලේ සාමාජිකයන් සියලුදෙනා ඉතාමත් ප්‍රීතියෙන් සිටින ආකාරයේ පින්තූර ෆේස් බුක් ගිණුමේ පල කර තිබී ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)