සැන් ෆ්‍රැන්සිස්කෝහිදීය/ලන්ඩන්හිදීය (රොයිටර්)
ලොව විශාලතම සමාජ ජාලය වන ‘ෆේස්බුක්’ සමාජ ජාලයට ඉදිරියේදී වෙනස්කම් කිහිපයක් හඳුන්වාදෙන බව එහි ප්‍රධාන විධායක නිලධාරී මර්ක් සකර්බර්ග් පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් තබමින් ඔහු එම කරුණු පවසා තිබේ. නව වෙනස්කම්වලට අනුව මුහුණු පොතේ එක් එක් ගිණුම් හිමියාට දර්ශනය වන ‘නිව්ස්ෆීඞ්’ එසේත් නොමැතිනම් පුවත් තීරයට මෙම වෙනස්කම් හඳුන්වා දෙන බව ෆේස්බුක් හි සම නිර්මාතෘ ද වන සකර්බර්ග් පවසයි.
මේ අනුව පුවත් තීරයේ දිස්වෙන වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් නොවන ප්‍රකාශකයන්ගේ සහ සන්නාම දිස්වීම අඩු කර එක් එක් ගිණුම් හිමියාගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප, වීඩියෝ පටවලට නව වෙනස්කම්වලදී ප්‍රමුඛත්වය දෙන බව සකර්බර්ග් කියයි.
ඊට අමතරව තවත් වෙනස්කම් කිහිපියක්ද ඉදිරියේදී හඳුන්වාදෙන බව මාර්ක් සකර්බර්ග් සඳහන් කර තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තිබුණත් එකයි.. අපිට නැතත් එකයි. අපි කියලයැ ඕවා හඳුන්වලා දුන්නේ...
ඕක මහා හිසරදයක්, මගේ ගිණුම මම වහල දැම්මා.