ඉන්දියානු මාධ්‍යවේදිනියක වෙඩි තබා ඝාතනය කෙරේ ප්‍රසිද්ධ ඉන්දියානු පත්‍රකලාවේදිනියක වන ගෞරි ලන්කේෂ් මහත්මිය කර්ණාටක ප්‍රාන්තයේදී වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 06 September 2017
කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූ පළකළ සඟරාවට දඩ බ්‍රිතාන්‍යයේ කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප පළ කිරීම හේතුවෙන් ඇයටත් බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුටත් සිදු වූ හානිය වෙනුවෙන් යුරෝ 100,000ක මුදලක් ගෙවන්නැයි ප්‍රංශ අධිකරණයක් ප්‍රංශ ප්‍රකට සඟරාවකට අද (5) නියෝග කළේය. 05 September 2017
චීනයේ ඩොලර් මිලියන 80 ක් බ්‍රික්ස් සංවිධානයට ‘බ්‍රික්ස්’ සංවිධානයේ සහයෝගීතා සැලසුම්වලට එක්සත් ජනපද ඩොලර් මිලියන 80ක මූල්‍යාධාර සපයන බව චීනය ප්‍රකාශ කරයි. 05 September 2017
පුටින් ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් 155 ක් ගෙදර යවයි රුසියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සංඛ්‍යාව 155 කින් අඩු කරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබේ. 05 September 2017
උතුරු කොරියාවට එරෙහිව පියවර ගන්නැයි ඇමෙරිකාව ඉල්ලයි උතුරු කොරියාවට එරෙහිව ගත හැකි දැඩිම පියවර ගන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය අද (4) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට අවධාරණය කළේය. 04 September 2017
කේට් කුමරිය තෙවැනි දරු ප්‍රසූතියට සැරසෙයි බ්‍රිතාන්‍යයේ කේට් කුමරිය තෙවැනි වරටත් මවක් වීමට සූදානමින් සිටින බව කේන්සින්ග්ටන් මාලිගාව අද (4) තහවුරු කළේය. 04 September 2017
බෙල්ජියම් ගුවන් නියමුවකු අතුරුදන් බෙල්ජියමේ නැගෙනහිර ලීග් ප්‍රදේශයේ හමුදා කඳවුරක් ආසන්නයේ සන්දර්ශනයක යෙදෙමින් සිටි යුද ගුවන් යානයක නියමුවා අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. 04 September 2017
රෝහින්ග්‍යාවරු 90,000ක් මියන්මාරයෙන් පළා යති රොමියන්මාරයේ ඇති වී තිබෙන ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා ජාතිකයන් 90,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පැන ගොස් ඇතැයි වාර්තා සඳහන් කරයි. 04 September 2017
දකුණු කොරියා සජීව මිසයිල අභ්‍යාසයක උතුරු කොරියාව හය වැනි වරට සිදුකරන ලද මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස දකුණු කොරියාව සජීවී මිසයිල අභ්‍යාසයක නිරත වී ඇතැයි වාර්තා වේ. 04 September 2017
උතුරු කොරියානු බෝම්බයෙන් භූමිකම්පාවක් උතුරු කොරියාව 06 වැනි වරටත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් කර ඇතැයි ජපානය සහ දකුණු කොරියාව ප්‍රකාශ කරයි. 03 September 2017
ෆාර්ක් සංවිධානය දේශපාලනයට කොලොම්බියාවේ ගරිල්ලා සටන් සංවිධානයක් වූ ‘ෆාර්ක්’ සංවිධානය වාමාංශික දේශපාලන පක්ෂයට බවට පරිවර්තනය වී තිබේ. 01 September 2017
‘ඇමෙරිකාවේ රසායනික කම්හලක් පිපිරීමට ඉඩක්‘ ඇමරිකාවේ ගංවතුරට යට වූ හූස්ටන් නගරයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක් පිපිරීමට හෝ ගිණිගැනීමට ඉඩඇතැයි අනතුරු ඇඟවීම හේතුවෙන් කිලෝමීටර් තුනක පමණ ප්‍රදේශයේ පදිංචි ජනතාව ඉවත් කර ඇත. 31 August 2017
මුම්බායිහි ගොඩනැගිල්ලක් කඩා වැටී 11 ක් මරුට ඉන්දියාවේ මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 11දෙනක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 31 August 2017
ජෝර්දාන-ඉරාන දේශසීමාව විවෘත කෙරේ ජෝර්දානය සහ ඉරානය අතර තිබෙන එකම දේශසීමාව වසර තුනකට පසු විවෘත කරන බව දෙරටේ බලධාරීහූ පවසති. 31 August 2017
’ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකියි’ - චීන විදේශ ඇමැති ආසියාවේ බලවතුන් වන චීනයට සහ ඉන්දියාවට සහයෝගයෙන් කටයුතු කිරීමට විශාල හැකියාවක් ඇතැයි චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී පවසයි. 30 August 2017
උතුරු කොරියානු දේශසීමාවෙන් රුසියානුවන් ඉවත් කෙරේ රුසියා - උතුරු කොරියා දේශසීමාව ආසන්නයේ සිටින රුසියානුවන් ආරක්ෂිත ස්ථානවෙත යැවීමට එරට බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ. 30 August 2017
’ඉස්ලාමීය ත්රස්තවාදයට එරෙහි සටන විදෙස් ප්‍රතිපත්තියේ ප්රමුඛ කාර්යයි’ - ප්‍රංශ ජනාධිපති ඉස්ලාමීය ත්රස්තවාදයට එරෙහිව සටන් වැදීම ප්‍රංශ විදෙස් ප්‍රතිපත්තියේ ප්‍රමුඛතම කාර්යය යැයි එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසයි. ධ්‍රැවීකරණය වෙමින් පවතින ලෝකය තුළ ස්ථාවර බලසම්පන්න රටක් බවට පත්වීම අවධාරණය කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ඒ බව පවසා තිබේ. 30 August 2017
මක්කමට මිලියන දෙකක් සෞදි අරාබියේ මක්කමට හජ් වන්දනාවේ යෙදෙන බැතිමතුන් මිලියන දෙකක් පැමිණ ඇතැයි වාර්තා වේ. 29 August 2017
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් යවයි උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් යවා තිබේ. ජපානයට මෙතෙක් කිසිදු ආකාරයකින් එල්ල නොවූ ආකාරයේ තර්ජනයක් යැයි ඊට ප්‍රතිචාර දක්වමින් ජපාන අගමැති ෂින්සෝ අබේ පැවැසීය. 29 August 2017
ඉන්දියාවේ සුකර උණෙන් 1094 ක් මරුට පසුගිය මාස අටක කාලය තුල ඉන්දියාවේ සූකර උණ හේතුවෙන් 1094ක් මියගොස් ඇති අතර පසුගිය සති තුනේ පමණක් 342ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 25 August 2017
දකුණු චීනයට හැමු සුළි සුළඟින් 12 ක් මරුට චීනයේ දකුණු ප්‍රදේශය හරහා හමාගිය දරුණු සුළි සුළඟක් හේතුවෙන් 12දෙනක් මියගොස් සියගනනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. හැටෝ නමින් හඳුන්වා දී ඇති මෙම සුළි කුණාටුවෙන් ගුවැන්ඩොං පළාතේ සුහායි නගර ප්‍රදේශයට විශාල හානි ඇති කර තිබේ. 25 August 2017
මක්කම නුවරට ඉස්ලාම් බැතිමතුන් මිලියනයක් මෙවර හජ් වන්දනාව සඳහා ඉස්ලාම් බැතිමතුන් මිලියනයකට වැඩි පිරිසක් මක්කම නුවරට පැමිණ ඇතැයි සෞදි පුවත් ඒජන්සිය වාර්තා කර සිටී. 24 August 2017
යේමනයේ ගුවන් ප්‍රහාරයකින් 30 ක් මරුට යේමනයේ කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන සානා අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ජීවිතක්ෂයට පත්වූවන් අතර සිවිල් වැසියන් ද සිටින බව ප්‍රහාරයෙන් පසු යේමන හා ජාත්‍යන්තර සංවිධාන නිවේදනය කළේය. 24 August 2017
ඇමෙරිකාවෙන් පකිස්තානයට චෝදනා පකිස්තානය ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක වන තලේබාන් සංවිධානයට සහාය දැක්වීම ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතු වී තිබේ. 23 August 2017
අයි එස් ත්රස්තයෝ ආසියාවට ඉව අල්ලති ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස්.අයි.එස් සංවිධානය ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල සිටින තරුණයන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තම සංවිධානය වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින පී.ටි.අයි පුවත් සේවය වාර්තා කරයි. 22 August 2017
තලාක් නීතිය ඉන්දියාවේ තහනම් කඩිනම් මුස්ලිම් දික්කසාද නීතිය හෙවත් ‘තලාක්‘ නීතිය ව්‍යවස්ථාවට අනුකූල නැතැයි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළේය. ඒ අනුව ඉන්දියාවේදී ‘තලාක්’ නීතිය ක්‍රියාවට නැංවීම අහෝසි වේ. 22 August 2017
ඉතාලියේ භූ කම්පනයක් - 02ක් මරුට ඉතාලියේ ඉස්චියා දූපතේ භූ කම්පනයක් සිදුවීම හේතුවෙන් දෙදෙනකු මියගොස් 39දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 22 August 2017
’ඇෆ්ගන් යුද්ධය අවසන් කරනවා’ - ට්‍රම්ප් ඉරාකයේ සිදු වූ අතපසුවීම් නැවත සිදු නොවීමට වග බලා ගනිමින් ඇෆ්ගනිස්තාන යුද්ධය අවසන් කිරීමට කටයුතු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. 22 August 2017
ඇෆ්ගන් යුද්ධයට ට්‍රම්ප්ගෙන් නව යුද උපායමාර්ගයක් ඇෆ්ගනිස්තාන යුද්ධයට ඇමෙරිකාවෙන් නව යුද උපායමාර්ගයක් හඳුන්වාදීමට ජනාධිපති ඩොනල්ඩ් සූදානමින් සිටින බව වාර්තා වේ. 21 August 2017
ඇමරිකා යුද හා තෙල් නැවක් ගැටීමෙන් භටයන් 10ක් අතුරුදන් ඇමරිකාවට අයත් යුද නෞකාවක් හා තෙල් නැවක් සිංගප්පූරුව ආසන්නයේදී එකිනෙක ගැටීමෙන් නාවුක භටයන් 10ක් අතුරුදන් වී ඇත. 21 August 2017
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026