මොස්කව්හිදීය (රොයිටර්)
යුරෝපය අස්ථාවර නොකරන්නැයි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් හමුවෙමින් පවසා තිබේ.
විදේශ අමාත්‍යධුරයට පත්වීමෙන් පසු තම පළමු රුසියානු සංචාරයට එක්වෙමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා ඒ බව පවසා තිබෙන අතර මෙහිදි ක්‍රිමියානු අර්බුදය ඇතුළු දුෂ්කර මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන්ට අවශ්‍ය යැයි ද පවසා ඇත.
බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයකු රුසියාවේ සංචාරය කරන්නේ වසර පහකට පසුය. යුක්රේනය ද සම්බන්ධ ක්‍රිමියානු අර්බුදය සහ සිරියානු සිවිල් යුද්ධය සම්බන්ධයෙන් රුසියාව හා බ්‍රිතාන්‍ය දරන්නේ එකිනෙකට පරස්පර අදහස්ය. එබැවින් පසුගිය කාලයේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තරමක් දුරට පළුදු වී තිබේ.
බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී රුසියානු රජයට සම්බන්ධ පාර්ශව මෙන්ම විපක්ෂ කණ්ඩායම් ඇතුළු පාර්ශව කිහිපයක් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව පැවසේ.
රුසියාව යුරෝපයේ රටවල් රැසක අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට මැදිහත් වන බවටත් සයිබර් ප්‍රහාරවලට සහ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම්වලට සහාය දක්වන බවටත් චෝදනා එල්ල වී තිබේ. කෙසේ නමුත් රුසියාව දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
බ්‍රිතාන්‍යය හා රුසියාව අතර සබඳතා ඉතාම පහත මට්ටමකට වැටී ඇතැයි ද ඊට හේතුව අපගේ ක්‍රියා නොවන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාට පිළිතුරු දෙමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ප්‍රකාශ කර තිබේ.
055
2025 නොවැම්බර් මස 04
726
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපය අස්ථාවර කරන්න එපා: බ්‍රිතාන්‍ය විදේශ ඇමැති