වොෂින්ටන්හිදීය (රොයිටර්)
විදුලිබලය බිඳ වැටීම හේතුවෙන් ලොව කාර්යබහුලම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා හි හාර්ට්ස්ෆීල්ඞ් ජැක්සන් ඇට්ලන්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් දහසකට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවිය.
ගුවන් තොටුපොළ පැය කිහිපයක් අඳුරේ පැවැති බවත් ඉරිදා දිනයේදී පමණක් අවංලගු කළ ගුවන් ගමන් සංඛ්‍යාව දහස ඉක්මවූ බවත් වාර්තා විය. සඳුඳා දිනයට අදාළ ගුවන් ගමනක් සිය ගණනක් අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි.
ලොව කාර්යබහුලම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන මෙම ගුවන් තොටුපොළ දිනකට හසුරුවන මගීන් සංඛ්‍යාව 250,000 ඉක්මවන අතර ගුවන් යානා සංඛ්‍යාව 2,500 ඉක්මවයි.
විදුලිය බිඳ වැටීම හේතුවෙන් මගීහූ පැය කිහිපයක් යානා ගුවන් යානා තුළත් පර්යන්ත හා ගුවන් තොටුපොළේ අනෙකුත් ගු-වන් තොටුපොළේ අනෙකුත් ස්ථානවලත් සිර වූහ.
විදුලිබලය නැවත ස්ථාපිත කිරීමට හැකි වූ බවත් ගුවන් ගමන් සඳුඳා උදෑසන (6) සුපුරුදු පරිදි ආරම්භ වීමට නියමිත බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.
(055)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd