ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව ලබන මාසයේ උඩු ගුවනට ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කරන ලද සැහැල්ලුම චන්ද්‍රිකාව නිර්මාණය කිරිමට ඉන්දියානු තරුණයකු සමත් වි ඇතැයි වාර්තා වේ. 16 May 2017
සංවිධානාත්මක අපරාධ හෙළිකළ මාධ්‍යවේදී වැල්ඩස් ඝාතනය කරයි මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව වාර්තාකරණයේ නිරත වූ මාධ්‍යවේදී ජාවියර් වැල්ඩස් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 16 May 2017
ලෝකයේ ලස්සනම මාවතෙන් තනතුර මාරුවන ප්‍රංශ ජනපති වසර 5ක සේවා කාලය අවසන් කොට පස් වසරකට පත්වූ නව ජනපති නීත්‍යනූකූලව දිව්රුම් දෙන ප්‍රංශයේ සම්ප්‍රදායානුකූල බලය හුවමාරු කිරීමේ උත්සවය මැයි 14 වැනි ඉරු දින උදේ 10 ට ප්‍රංශ ජනාධිපති මැදුරේදි (එලිෂේ පැලස්) උත්කර්ෂවත් ලෙස පැවැත් වූයේය. මෙම සම්ප්රදානුකූල නිල උත්සවයට අනුකූලව නව ජනාධිපති තම නිල වාහනයෙන් ජනපති නිල මැදුරේ මැද මිදුලට පැමිණෙයි. මැද මිදුල වටා රාජ්‍ය ආරක්ෂකයෝ හා එම තූර්ය වාදක කණ්ඩායම් සීරුවෙන් පෙළ ගැසී සිටීති. 16 May 2017
උතුරු කොරියාව අති නවීන මැදි දුර මිසයිලයක් අත්හදා බලයි විශාල න්‍යෂ්ටික පිපිරුම් ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු අති නවීන මැදි දුර මිසයිලයක් පසුගිය ඉරිදා සාර්ථක ලෙස අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි. 15 May 2017
සෞදි අරාබියේ සංස්කෘතික ප්‍රසංගයෙන් ශ්‍රී ලංකාවට දෙවැනි තැන සෞදි අරාබියේ මදීනා විශ්වවිද්‍යාලය මගින් හයවෙනි වරටත් ඉදිරිපත් කරන ලද සංස්කෘතික ප්‍රසංගයෙන් දෙවැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලාංකික සිසු දරුවන් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික මණ්ඩපය සමත් වූ බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පවසයි. 14 May 2017
ඕස්ට්‍රේලියා මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී දියණියට කිරි පොවයි ඕස්ට්‍රේලියාවේ සෙනට් සභික ලැරිසා වෝටර්ස් පාර්ලිමේන්තුවේදී මව්කිරි දුන් පළමුවැන්නා පත්වීමට සමත්වූවාය. ලැරිසා වෝටර්ස් අඟහරුවාදා (9) පාර්ලිමේන්තුවේදී තම දෙමස් වියැති ආලියා ජෝයි දියණියට මව්කිරි දුන්නාය. 10 May 2017
දකුණු කොරියාවට නිදහස් මතධාරී ජනපතිවරයෙක් දකුණු කොරියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබාගැනීමට නිදහස් මතධාරී ජනාධිපති අපේක්ෂක මූන් ජෝ ඉන් මහතා සමත් වී සිටී. හිටපු ජනාධිපතිනි පාක් ග්වෙන් හේ මහත්මියට දූෂණ චෝදනා එල්ලවීමත් එම නිසා දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමත් නිසා හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවිය. 10 May 2017
ඩොනල්ඩ් ට්‍රම්ප් පලස්තීනයේ සංචාරයක ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පලස්තීනයේ සංචාරයක නිරත වනු ඇතැයිද තමා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මුණ ගැසීමට සූදානම් යැයි ද පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් මහතා අද (9) ප්‍රකාශ කළේය. 09 May 2017
ප්‍රංශයේ ජනපති තනතුරට මැක්රෝන් පත්වෙයි අන්ත දක්ෂිණාංශික මරීන් ල පෙන් පරාජයට පත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තීරණාත්මක ජයක් ලැබීමට මධ්‍යස්ථ මතධාරි ඉමැනුවෙල් මැක්රෝන් සමත්විය. 08 May 2017
උතුරු කොරියාව තවත් ඇමරිකානුවකු අත්අඩංගුවට ගනී රාජ්‍යය විරෝධී ක්‍රියාවල නිරත වීමට උත්සාහ කළ බව සඳහන් කරමින් තවත් ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසියකු අත්අඩංගුවට ගත් බව උතුරු කොරියාව ඉරිදා (7) ප්‍රකාශ කළේය. 07 May 2017
ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා ප්‍රංශයෝ වැසියෝ එරට වේලාවෙන් අද (7) උදෑසන ඡන්දය දීම ආරම්භ කළහ. මෙවර ජනාධිපතිවරණය හේතුවෙන් ප්‍රංශයේ වැඩි පිරිසක් අතර බෙදීමක් ඇති වුවද අවසන් වරට පැවැති ජනාධිපතිවරණ සටනේ අවසන් රූපවාහිනි විවාදයේදී වැඩි වාසි දිනාගැනීමට මධ්‍යස්ථ මතධාරී ඉමැනුවෙල් මැක්රෝන් සමත් විය. 07 May 2017
ප්‍රංශ ජනාධිපතිවරණයේ වැඩි වාසි මැක්රෝන්ට ප්‍රංශ ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අවසන් දිනට පැමිණෙද්දි එහි වැඩි වාසි දිනාගැනීමට මධ්‍යස්ථ මතධාරී ඉමැනුවෙල් මැක්රෝන් සමත් විය. 05 May 2017
බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිනිය මහරැජින අවසර පතයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිල අවසරය ලබැගැනීමට එරට අගමැති තෙරේසා මේ මහත්මිය දෙවැනි එලිසබෙත් රැජිණිය හමූ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 04 May 2017
ඉරානයේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 21 ක් මියයති ඉරානයේ උතුරුදිග ගොලෙස්ටන් පළාතේ ගල්අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් සිරවූ සිය සගයින් බේරාගැනීමට ගිය පතල් සේවකයින් 21දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරින් 70ක් පමණ තුවාල ලබා ඇත. ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇති බවද පතල් කම්කරුවන් 32ක් දෝනාවක සිරවී සිටි බවද බලධාරීහු පවසති. 04 May 2017
ප්‍රංශ සටනේ අවසන් විවාදය 2017 ප්‍රංශ ජනාධිපතිවරණයේ අවසන් අපේක්ෂකයන් දෙදෙනා වන ප්‍රංශය පෙරට පෙරමුණේ එම්මානුවෙල් මැක්රොන් මහතා සහ අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ මරී ලෙපෙන් මහත්මිය අතර මුහුණට මුහුණ වාචික සටන හෙවත් අවසන් විවාදය අද (3) සවස ප්‍රංශ වේලාවෙන් රාත්‍රී නවයට ආරම්භ වේ. 03 May 2017
එච්.අයි.වී ආසදිතයන්ට සුව විමේ බලාපොරොත්තු ජාන සංස්කරණ ක්‍රමවේදයක් ඔස්සේ පණ තිබෙන සතුන්ට වැළැඳී ඇති එච්.අයි.වී ආසාදිත තත්ත්වය සුව කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. 03 May 2017
උතුරු කොරියාවට එරෙහිව දැඩි පියවර ගැනීමට ඇමරිකානු - චීන සාකච්ඡා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලෙස උතුරු කොරියාවට එරෙහිව දැඩි පියවර ගැනීම සඳහා ඇමෙරිකාව සහ චීනය සාකච්ඡා පවත්වා ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි. 03 May 2017
කාබුල් නුවර ප්‍රහාරයක් 8 ක් මරුට ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නුවර නේටෝ හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 28 දෙනෙක් තුවාල ලැබූහ. 03 May 2017
සිරියාවේ අවතැන් කඳවුරක පිපිරීමෙන් 30 ක් මරුට සිරියාවේ අවතැන් කඳවුරකට ප්‍රහාර එල්ලවීමෙන් සාමාන්‍ය වැසියන් සහ කුර්දි කැරලි කරුවන් 30ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 03 May 2017
දකුණු කොරියාවේ තාඩ් මිසයිල ගැන චීනයෙන් විරෝධය ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චීනය තම දැඩි විරෝධය පළ කර ඇත. දකුණු කොරියාවේ ස්ථාපිත කරන ලද තඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරවීම ආරම්භ කළ බව ඇමෙරිකා හමුදා අඟහරුවාදා (2) පෙරවරුවේ ප්‍රකාශ කළ අතර ඉන් පැය කිහිපයකට පසු චීනය තම විරෝධය දැක්වීය. 02 May 2017
උතුරු කොරියාවෙන් ඇමරිකාව අවුස්සන තවත් ප්‍රකාශයක් තම න්‍යෂ්ටික අත්හදා බැලීම් සාර්ථක ලෙසත් තමන්ට හැකි උපරිම අයුරිනුත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව නැවත වරක් ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආක්‍රමණශීලි තත්ත්වයට මුහුණ දීමේ අරමුණින් මෙසේ අඛණ්ඩව හා සාර්ථක ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන බව උතුරු කොරියාව සඳහන් කරයි. 02 May 2017
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල උල් පිහි රැගත් අයෙක් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වූ වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයෙන් සති පහකට පසු උල් පිහි සහිත ගමන් මල්ලක් රැගෙන සිටි ආයුධ සන්නද්ධ පුද්ගලයකු පොලිසියේ අත්අඩංගුවට පත් වී ඇත. 27 April 2017
සිරියාවේ පිපිරීම ආයුධ ගබඩාවකට කළ පහරදීමක්ද? සිරියාවේ ඩමස්කස් ගුවන්තොටුපල ආසන්නයේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි සිරියාවේ මානව හිමිකම් සංවිධාන කියයි. 27 April 2017
ඇමරිකානුවෝ උතුරු කොරියාව මට්ටු කරන්න සැරසෙති න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නැවැත්වීමට බල කිරීමේ අරමුණින් උතුරු කොරියාවට නව සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. 27 April 2017
කාශ්මීරයේ සමාජ ජාල 22 ක් තහනම් කරයි ෆේස්බුක්,ට්විටර් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා 22ක් මාසයක කාලයකට තහනම් කළ බව ඉන්දියානු පාලන ප්‍රදේශයේ පවතින කාශ්මීර බලධාරීහු පවසති. 27 April 2017
ඇමරිකාව පීඩනය වැඩිකරයි උතුරු කොරියාව තම හමුදාවේ 85 වැනි සංවත්සර උළෙල හමුදා අභ්‍යාස ද කරමින් අඟහරුවාදා දිනයේදී සමරනු ලැබීය. කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙන අවස්ථාවකදී තම හමුදා බලය පෙන්වමින් උතුරු කොරියාව හමුදාව 85ක් ගෙවීමේ සතුට සමරද්දි ඇමෙරිකාව දකුණු කොරියාව වෙත සබ්මැරීනයක් එවීය. 26 April 2017
චීනයත් යුද නැව් නිෂ්පාදන තරගයට පිවිසෙයි චීනය එරට නිෂ්පාදිත ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ උණුසුම් වාතාවරණයක් පවතින අවස්ථාවක හා දකුණු චීන මුහුදේ බලය තහවුරු කරගැනීමට චීනය උත්සහ ගන්නා අවස්ථාවක මෙම නෞකාව දියත් කර තිබේ. 26 April 2017
ප්‍රංශ මැතිවරණයේ පළමු වටයේදී එම්මානුවෙල් මැක්රොන් ඉදිරියෙන් ප්‍රංශ ජනරජයේ 25 වැනි ජනාධිපතිවරයා තෝරා -ගැනීමේ ජනාධිපතිවරණයේ පළමු වටය අප්‍රේල් 23 වැනි ඉරු දින පැවැත්වීය. ප්‍රංශයේ ජනගහනය මිලියන 67කි. එයින් මිලියන 47ක් ජන්දය හිමි ජන්ද දායකයෝය. එයින් මිලියන 14ක් පමණ ඡන්දය පාවිච්චි නොකරන බව අතීත මැතිවරණ වලට සාපේක්ෂක දත්ත අනුසාරයෙන් විශ්ලේෂකයෝ කරුණු උපුටා දක්වයි. මෙවැනි පරිසරයක පැවැති මෙවර මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන 69000 කි. 24 April 2017
ඇමරිකානු නෞකාව ගිල්වා දමන්නට උතුරු කොරියාව සූදානම් තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව මුහුදුබත් කිරීමට සූදානමින් සිටි බව උතුරු කොරියාව කියයි. උතුරු පැසිපික් සාගරයේ කෙරෙන යුද අභ්‍යාස සඳහා යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවට තවත් ජපන් නාවික යාත්‍රා දෙකක් එක්වීමෙන් පසුව උතුරු කොරියාව මේ බව කියා සිටියේය. 23 April 2017
විද්‍යඥයොත් දේශපලනඥයින්ට එරෙහි වෙති ලෝක මිහිතල දිනය සමරමින් ලොව පුරා විද්‍යාඥයින් විද්‍යාව සම්බන්ධව හා පාරිසරික ක්‍රියාවලීන් කෙරෙහි සිදුකරන දේශපාලන මැදිහත්වීම් වලට එරෙහිව විරෝධතා පැවැත්වූ බව වාර්තා වේ. ලොවපුරා විද්‍යාඥයින් මෙසේ විරෝධතාවයකට එක්වූයේ ඉතිහාසයේ ප්‍රථම වරට බව විචාරකයෝ පවසති. 23 April 2017
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026