බර්ලින්හිදීය (ඒ.එෆ්.පී)

උතුරු සිරියාවේ රකා නගරයේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා යූරෝ මිලියන 10ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ජර්මානු රජය තීරණය කර ඇතැයි එරට ‘හැන්ඩල්ස්බ්ලොට්’ පුවත්පත අද (17) වාර්තා කළේය.
 
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ගිවිසුමකට එක්වෙමින් අදාළ මූල්‍යාධාර සිරියාවේ රකා පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ලබාදීමට ජර්මානු රජය තීරණය කර තිබෙන අතර විදේශ අමාත්‍යාංශය එම තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරනු ඇතැයි වාර්තා වේ. 
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝන්ත්‍රාත්කාර සමාගමක් බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී සිටින අතර එම සමාගමත් ඇමෙරිකා එක්සත් ජනපද රජයත් එක්ව අරමුදලක් ද පිහිටුවා තිබේ. 
 
ඇමෙරිකාව සමඟ අත්සන් තබන ලද ගිවිසුමත් සමඟ අරමුදල සහාය වන්නැයි ඇමෙරිකා පාර්ශවය ජර්මනියෙන් ඉල්ලා තිබේ. මෙලෙස බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන්නේ ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු සටන්කාමීන් පසුගිය මාසයේදී අයි.එස් අන්තවාදී කණ්ඩායමෙන් මුදා ගත් රකා නුවරය. 
 
සිරියාවේ කටයුතුවලදී ඇමෙරිකා එක්සත් ජනපද හමුදා දිගින් දිගටම ජර්මනියේ සහාය පැතීය. එහෙත් ජර්මනිය සිරියාවේ කෙසේ ස්ථාවර වනු ඇත්දැයි සහ එම පියවර මොනවාදැයි තවමත් බලා සිටින බව ද ‘හැන්ඩල්ස්බ්ලොට්’ පුවත්පත තවදුරටත් වාර්තා කර තිබිණි. 
 
 
055